ඊශ්‍රායල පාපන්දු ලෝලීන්ට ඇම්ස්ටර්ඩ්‍රෑම්හිදී ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල පාපන්දු සමාජයක් වන Maccabi Tel Aviv හා Ajax අතර පවති යුරෝපා ලීග් තරගයකට පෙර සහ පසුව ඊශ්‍රායල පාපන්දු ලෝලීන් පලස්තීන ගැති විරෝධතාකරුවන් සමඟ ගැටී ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ගැටුම්ව ලින් පසු ඊශ්‍රායල ජාතිකයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කර තිබුණේ, පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා යොදවන බවයි. කෙසේ නමුත්, ඇම්ස්ටර්ඩෑම් නගරාධිපති ෆෙම්කේ හල්සෙමා විසින් පලස්තීන ගැති පෙළපාළියක් තහනම් කර තිබියදීත්, විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල පාපන්දු සමාජයේ ආධාරකරුවන් අතර මෙලෙස ගැටුම් ඇති වී තිබේ.

මේ සම්බන්ධයෙන් ලන්දේසි පොලිසිය පවසන්නේ අවම වශයෙන් පුද්ගලයින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පස් දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...