පකිස්ථානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් 24 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නිරිතදිග පකිස්ථානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයේ බෝම්බයක් පිපිරීයාම හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු මියගොස් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මරණ සංඛ්‍යාව ඉඅහල යා හැකි බව එරට සෞඛ්‍ය අංශයන් නිවේදනය කර ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත.

වරායක් සහ රන් හා තඹ ආකරයක් වැනි චීනය විසින් මෙහෙයවන ප්‍රධාන ව්‍යාපෘතිවල නිවහන වූ සම්පත්වලින් පොහොසත් නිරිතදිග පකිස්තානයේ දකුණේ බෙදුම්වාදී වාර්ගික සටන්කාමීන්ගේ සහ එහි වයඹ දෙසින් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්‍රහාරවල වැඩිවීමක් මේවන විට දක්නට ලැබෙන අතර බෙදුම්වාදී සටන්කාමීන් පොලිස් ස්ථාන, දුම්රිය මාර්ග සහ මහාමාර්ගවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු බලුකිස්තාන් පළාතේ මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 73 දෙනෙකු මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...