ජනාධිපතිතුමනි,අපි ඔයාව මේ රටින් යවනවා හැබැයි හිරෙත් තියල – අරගලයේ නීතිඥයෝ (VIDEO)

Date:

තරුණයින් කළ අරගලය තරුණයින් විසින්ම ජයග්‍රහණයකින් අවසන් කළ යුතු ඊට නීතිඥ සහය දීමට නීතිඥවරු ලෙස සූදානම් බවත් ඉතිහාසය තුළ දේශපාලන පක්ෂ වලින් ආරම්භ කළ විරෝධතාවන්ට නොලැබුණු ප්‍රසාදයක් මේ අවස්ථාවේ හිමිවී තිබෙන බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, ඊයේ (17) ”අරගලයේ නීතිඥයෝ” විසින් පැවති මාධ්‍ය හමුවේදීය.

ලැබී තිබෙන ජනතා ප්‍රසාදය උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ක්‍රම වෙනසක් සිදුකළ යුතු බවයි නානායක්කාර මහතා අවධාරණය කළේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් පුද්ගලයෙක් බවත් ජනධිපති ලේකම් කාර්යාලයෙන් එළියට දැමුවා සේ රටින්ද පිටත් කරන නමුත් ඊට පෙර සොරාගත් සියලු මුදල් ලබා ගැනීමට මෙන්ම සිරගත කිරීමට සිදුවුවහොත් එම කාලයද ලංකාව තුළ රඳවා ගැනීමෙන් අනතුරුව රටින් පිටත් කරවන බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

”දේශපාලන පක්ෂවලට අපි කියන්නේ ඔබ තේරුම් ගන්න මේ අරගලය තුළ ලැබෙන දායකත්වය ප්‍රයෝජනයට අරගෙන මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න අවශ්‍යයි. ඒ සිස්ටම් චේන්ජ් එකට මුලපුරන්න ඕනේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය කාර්යභාරය කරන්න ඕනේ දේශපාලන පක්ෂ. ඒ පක්ෂ තමන්ගේ වගකීම මේ අවස්ථාවේ නිසියාකාරයෙන් තේරුම් අරගෙන දේශපාලන ඩීල්,ගේම් එහෙම නැත්නම් යටින් යන දේශපාලන න්‍යාය පත්‍රයන් හදාගන්න උත්සහ කරන්නේ නැතුව රට ඉල්ලන කාර්යභාරය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ කැපවෙලා මේ රටට සුගතියක් වෙන අකාරයෙන් කටයුතු කරයි කියල අපි විශ්වාස කරනවා” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...