හුලංගමුව එදා රනිල් එක්ක ජාඩියට මූඩිය වගේ හිටියේ, දැන් එයා අනුර එක්ක ජාඩියට මූඩිය වගේ ඉන්නවා – හර්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

උපයනවිට බද්දේ ආරම්භක සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීමට දැනටත් ජනාධිපතිවරයාට හැකියාව පවතින බවත් ඊට පාර්ලිමේන්තු බලයක් මේ මොහොතේ වුවමනා නොමැති බවත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“මාස හයෙන් හයට පඩි වැඩි කරන එක කෙසේවෙතත් මිනිස්සු බලන් ඉන්නවා අඩුම ගාණෙ PAYE Tax එකේ threshold එක ලක්ෂයේ ඉඳන් ලක්ෂ දෙකට ගෙනියන්න. හැබැයි කවුදෝ කියනවා මේක ආණ්ඩුවක් තියෙන්නෙ ඕනෙ කරන්න, නැත්නම් ජනාධිපතිතුමාට ඒක කරන්න බෑ කියලා. ජනාධිපතිතුමාට ඒක කරන්න පුළුවන්. එතුමාට පුළුවන් මේක වෙනස් කරන්න. මේ බද්ද පස්සෙ පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න ඕනෙ, ඒක ඇත්ත. මේ මාසෙ විසි ගණන්වල පාර්ලිමේන්තුව අපි රැස්වෙනවානෙ”

ප්‍රශ්නය – එතකොට රනිල් මහත්තයා කියන එක හරිද ? වෙන්කරලාද තියෙන්නෙ සල්ලි ?

“රනිල් මහත්තයා කියන්න ඕනෙ නෑ. අර අත්සන් කරලා තියෙන්නෙ හුලංගමුව. හුලංගමුව අත්සන් කරලා තියෙනවානෙ දෙයියනේ. එයානෙ ජාඩියට මූඩිය වාගෙ හිටියෙ රනිල් එක්ක, දැන් ජාඩියට මූඩියට වාගෙ ඉන්නවා අනුර මහත්තයාත් එක්ක”

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...