රාජපක්ෂලාගේ ඩොලර් ට්‍රිලියන් 1000 සහ බැනරය තව දිග වූවා නම් වෙන දේ …

Date:

රාජපක්ෂ පවුල සොරකම් කළ ධනය ඩොලර් ට්‍රිලියන 1000 ක් බව ගෝල්ෆේස් අරගලකරුවන් සොයා ගැනීම පිළිබඳ කිසිදු සැකයක් නැත…..

රාජපක්ෂලාගේ ධනවත් කම ගැන ඔබ නොදත් කරුණු බොහොමයක් ඇත. ඔවුන් මුලු ලෝයම මුදලට ගෙන ඇත. අරගෙන කරුවන් කෙතරම් දක්ෂද …මේ තරම් වටිනා රහස් ලොව කිසිම රහස් පොළිසියකට සොයාගැනීමට හැකිවූ නැත. එහෙත් මේ අරගල කරුවන් විශ්මිතය. ඔබ නොදත් බොහෝ දේ පහතින් ඇත. කියවා තේරුම් ගන්නට උත්සාහ ගන්න.

ලොව විශාලතම ආර්ථිකය වන ඇමරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය 23 Trillion USD පමණ වේ. රාජපක්ෂවරු ඇමරිකාවේ ආර්ථිකය මෙන් 43 ගුණයක් ධනවත්ය.

දෙවන විශාලම ආර්ථිකය හිමි චීනයේ ද.දේ.නිෂ්පාදිතය 17.7 Trillion USD වේ. රාජපක්ෂලාගේ වත්කම චීනයේ ආර්ථිකය මෙන් 55 ගුණයක් විශාල වේ.

දෙස් විදෙස් ඇස් මවිත කරවන කරුණ එන්නේ අන්තිමටය. 2021 වසරේ මුළු ලෝකයේම ආර්ථිකය 94 Trillion USD බව ගණනය කර තිබේ. රාජපක්ෂලා මුළු ලෝකයේම ආර්ථිකය මෙන් 10 ගුණයක් පමණ මුදලක් සොරකම් කොට ඇත.

ගෝඨාගෝගම අරගල කරුවන්ගේ විප්ලවීය ජයග්‍රහණයෙන් පසු මේ ධනය නැවත මෙරටට ලබාගැනීමට නියමිතය.

මුදල් ලැබීමෙන් පසු මුළු ලෝකයම මිලදී ගෙන ඉතිරි මුදලින් අඟහරු සහ යුරේනස් මත ජනාවාස පිහිටුවීම පිළිබඳ සලකා බැලිය හැකිය.

2022 වර්ෂය ඓතිහාසික වසරක් කිරීමට වෙහෙසුණු අරගල කරුවන්ට ජය වේවා….

පහතින් ඇති බැනරය තව දිග වූවා නම් තවත් බිංදු එකතු වනවා ඇත. ඒ අනුව තවත් ග්‍රහලෝක කිහිපයක් මිලට ගන්නට හැකිවන අවස්ථාව ඔවුන් විසින්ම අහිමි කරගෙන ඇත. මේ තමයි New Generation පට්ට මොළේ.

මෙය කියවා ජනතාවට මොළේ පෑදේවා……

විනිවිද facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...