පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW):

මීට පෙර ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත පොහොර සහනාධාර මුදල් නිකුත් කෙරුණේ වගාව පිහිටුවා අවසන් වූ පසුව වුවත් මෙවර, පළමු සී සෑම අවසන් කළ පසු පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට තීරණය කළ බව , ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර වඩාත් කාර්යක්ෂම ලෙස ඔවුන් වෙත මුදල් ලබා දීමේ අරමුණින් නව තීරණයට එළඹි බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ අනුව අද(13) දිනයේදී දිස්ත්‍රික්ක 19ක ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සඳහා රුපියල් මිලියන 521.5ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසීය.

ගොවීන් 42125 දෙනෙකු සඳහා එම මුදල් ලබලබාදීම සිදු වේ.

මේ වනවිට ගොවීන් 36587ට පොහොර සහනාධාර මුදලේ පළමු වාරිකය ගෙවා අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියාසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...