සියලු නිල නිවාස සියල්ල භාරදී අවසන් , සනත්ගේ බංගලාවත් ඒ අතර!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW):

සිහිකැඳවීම් ගණනාවකින් පසු, අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති බවට අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික පුවත්පතක දැක්වෙන්නේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ හිතවතකු පැමිණ හිඟ කුලී මුදල ගෙවීමෙන් අනතුරු අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් ගොස් එම නිවස භාරගෙන ඇති බවයි

සනත් නිශාන්ත මහතා රිය අනතුරකින් පසුගිය ජනවාරි මස 25 වැනිදා මිය ගිය අතර, ඉන් අනතුරුව ඔහුගේ බිරිඳට සහ දරුවන්ට එම නිවාසයේ රැඳි සිටීමට එවක පැවැති රජය අවස්ථාව සලසාදී තිබුණි .

.

කෙසේවෙතත් නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ හිටපු මැතිඇමතිවරුන්ගේ නිල නිවාස යළි රජයට භාර ගැනීමට තීරණයක් ගෙන තිබුණු අතර, ඒ අනුවයි, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාගේ නිවසත් භාරගැනීමට කටයුතු කළේය.

අමාත්‍යංශයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල නිවාස සියල්ල භාරදී අවසන් බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...