විශ්වයේ නරකම මිනිසාගේ පරාජය නොවන – වයසට නොයන සටන්කාමී හිත එක්ක ඇති සිරුර පෝල් ට පරදියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 17,(LNW) කොළඹ :

යකඩ මයික් යනු මයික් ටයිසන්ට තවත් නමකි.එහෙත් මේ සටන්කාමීයාගේ අපූර්ව දක්ෂතා යට කරමින් මතු වුණේ නොසැළකිල්ල සහ නොහොබිනා හැසිරීම් නිසා මතු වුණ කළු චරිතයක්ය.ඒ නිසා සමහර විට ඔහුව “the Badest Man on the Planet” යනුවෙන් විශ්වයේ නරකම මිනිසා ලෙස ද හඳුන්වන්නට විය.එහෙත් ඒ කිසිම නාරක නාමයකින් ඔහුගේ හැකියාව අව තක්සේරු නොකළ විචාරකයෝ,ප්‍රේක්ෂකයෝ ඔහු ලොව පහළ වූ විශිෂ්ඨතම හෙවිවේග්ට් බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස පිළිගත්හ.අද ද පිළි ගනිති.


දැන් වයස අවුරුදු 58 ක් වන මේ ඉතිහාසයට අයත් විය යුතු හිටපු සටන්කාමියා යළිත් ලෝකයේ කතා බහට ලක් වන්නට ගත්තේ ඔහුගේ වයසින් අඩකටත් වඩා බාල 27 හැවිරිදි ජේක් පෝල්නම් තරුණයෙකු සමඟ බොක්සිං සටනක් කළ නිසාය.තරගයේ ආරම්භයේ දී 58 හැවිරිදි ටයිසන් වේගවත්ව හැසිරුණත්,වේලාව ගතවෙත්ම ඇයගේ ක්‍රියාකාරීත්වයේ තිබිය යුතු වේගවත් බව දියව යන බවක් ප්‍රදර්ශනය විය.


විශේෂයෙන් ඔහු තරගයේ ආරම්භක අවධියේ ලකුණු ලබා ගැනීම අතින් ඉදිරියට ගියත්,පසුව මන්දගාමී චලනයන් හේතුවෙන් පහර එල්ල කිරීමටත් වඩා 27 හැවිරිදි ජේක් පෝල්ව වළක්වා ගැනීම ටයිසන්ට අපහසු වුණා.ඒ චලනයන්ගේ තිබෙන පසුබෑම නිසා පෝල් ටයිසන් පසු කර ඉදිරියට පැමිණියා.


එහෙත් මේ හිත වයසට නොගිය විශ්වයේ නරකම මිනිහා සටන් කළ ආකාරය හරිම වැදගත්.තමන්ගේ පුතෙකු වැනි පෝල්ගේ සද්ධන්ත සිරුරෙන් එන ප්‍රවේගකාරී මුෂ්ටි ප්‍රහාර දරා ගැනීම,ටයිසන් හා සම වයසේ ඒ උස මහත බරම තිබෙන කෙනෙකුට කළ නොහැකි දෙයක්.ඒ නිසා මේ විශ්වයේ නරකම මිනිසා වයසට නොයා හිටියොත් තව දුරටත් බොක්සිං වලල්ලේ සැරි සරනු දකින්නට විශාල ඉඩක් තිබෙනවා.එසේම තරුණ පෝලට විශාල අභියෝගයක් ඇති කළ තරගයක් හැටියට මේ තරගය ගත නොහැකියි.වයස් පරතරය විසින් ඇති කළ දුරස්තභාවය නිසා හිටපු ලෝක සූරයාව පාලනය කර පරාජය කරා යොමු කරවීම තරුණ පෝලට අපහසු වුණේ නැහැ.
හොලිෆිල්ඩ්ගේ කණ සපා කෑමට තරම් දරුණුව සිටි ඒ ව්‍යාඝ්‍ර ගති ඇති නරකම මිනිසාට තවමත් නොනැසී ඇති කායික ශක්තිය සහ මානසික ශක්තිය පෝල්ගේ ඉදිරි බොක්සිං අනාගතයට ආශිර්වාදයක් සහ අධ්‍යාපනයක් කර ගත යුතුයි.ඒ දරා ගැනීමේ අපූර්වත්වය කිසිඳා සම කළ නොහැකියි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...