අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් උ. පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අවසන්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් , අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම උපදෙස්  පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව , දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය කාලසීමාව තුළ මතුවූ ගැටලු මුල් කරගනිමින් විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබේ.

විභාග මධ්‍යස්ථාන 2,312 ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදී මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබේ.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූතුනක් බව පැවසේ.

ඒ අතරට පාසල් අයදුම්කරුවන්, දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක්  සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...