අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් උ. පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් , අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම උපදෙස්  පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව , දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය කාලසීමාව තුළ මතුවූ ගැටලු මුල් කරගනිමින් විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබේ.

විභාග මධ්‍යස්ථාන 2,312 ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදී මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබේ.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූතුනක් බව පැවසේ.

ඒ අතරට පාසල් අයදුම්කරුවන්, දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක්  සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිට FCID හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ශ්‍රී ලංකාවට යූරියා පොහොර රැගෙන එන නෞකාවක් හෝර්මුස්වල අතරමංවෙලා…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යූරියා...

අද (06) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 06) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

දකුණු කොරියාවෙන් රුසියාවට ඉන්ධන ටොන් 176,000කට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යුක්රේනයේ යුද්ධය...