සාගලට නැත්නම් කාටවත් නෑ – රනිල්ගේ අලුත්ම තියරිය

Date:

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහමැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සාගල රත්නායක මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක නිරත වී සිටින බව ආරංචිමාර්ග පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිව ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව පැමිණ ගෑස් සිලින්ඩරයට එකතු වූ කණ්ඩායම වෙනුවෙන් එයින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට ලබාදීමට නියමිත බවයි තහවුරු නොකළ ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රවී කරුණානායක මහතාට ලබාදෙන ලෙස එජාපයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ කිසිසේත්ම ඊට එකඟ නොවන ස්ථාවරයක බව සඳහන්.

මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමිවන පුද්ගලයාටම ඉදිරියේදී එජාප නායකත්වයත් හිමිවනු ඇති බවට මතයක් ද පක්ෂය තුළ පැතිර ගොස් තිබේ.

ඒ අනුව, රවී කරුණානායක මහතාට අදාළ මන්ත්‍රී ධුරය ලැබීම වැළැක්වීමටත් එය සාගල රත්නායක මහතාටම ලබාදීමටත් රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම ප්‍රබල උත්සාහයක නිරත වී සිටින බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...