ආරක්ෂක, මුදල් තවදුරටත් අනුර යටතේ. විජිතටත් ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක්ම !

Date:

නව රජයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේම පවතිනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මහාචාර්ය අනිල් ජයන්ත මහතා පත්කෙරෙනු ඇති බව සඳහන්. අනිල් ජයන්ත මහතා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානියා වන අතර ඔහු පසුගිය සමයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කළේය.

මේ අතර, වත්මන් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින වසර 24ක පාර්ලිමේන්තු අත්දැකීම් ඇති එකම මන්ත්‍රීවරයා මෙන්ම මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රමාණය වන 716,715ක් දිනාගනිමින් වාර්තාවක් ද පිහිටවූ විජිත හේරත් මහතාට අගමැති ධුරය ලබාදිය යුතු බවට යෝජනාවක් ද පක්ෂය තුළින් පැමිණ ඇති බවත් වාර්තා විය.

කෙසේවෙතත් දැනටමත් අගමැති ධුරය හරිනි අමරසූරිය මහත්මියටම ලබාදීමට තීරණය කර ඇති නිසා විජිත හේරත් මහතාට මහජන ආරක්ෂක අමාත්‍යාංශය, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක්ම ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...