පුංචි ජන්දය ලබන ජනවාරියේ!

Date:

කොළඹ LNW:පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබේ.

අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වෙන නිසා මේ වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බවට මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත.

කෙසේවෙතත් එම මැතිවරණයට අදාළව මීට ඉහට්දී නාමයෝජනා බහර ගත් නමුත් එම නාමයෝජනා අතර ඇතැමුන් මියයාම, රැකියා සඳහා විදෙස් ගතවීම, දේශපාලනයෙන් ඉවත්වීම වැනි කාරණා මත එහි වලංගු භාවය සම්බන්ධයෙන් ද ගැටළුවක් මතුව තිබේ.

එහෙත් යළි නාමයෝජනා කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත්කරගත යුතුවෙයි.

මේ අතර පැරණි නාමයෝජනා ලැයිස්තුවට පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් ඊට ඡන්දය ප්‍රකාශය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ 2023 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වූ ඡන්ද හිමියන්ට පමණක් වන නිසා 2024 ඡන්ද හිමි නාමලේඛනය සමග සැසඳීමේදී ඡන්දදායකයන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවද අහිමි වෙයි.

මෙම සියලු කාරණා එසේ තිබියදී පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස අධිකරණ නියෝගයක් ද පවතියි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ මෙම මැතිවරණය පැවැත්විය යුතු වුවත් එය මන්හැරීමටයි එම පාලනය කටයුතු කළේ.

පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මැතිවරණ කොමිසම එළඹෙන 27 වැනිදා රැස්වීමට නියමිත අතර එහිදී පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණ පැවැත්වීම ගැනද තීන්දුවක් ගනු ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...