සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයෙන් නව යෝජනාවක්!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 19වැනි G-20 නායක සමුළුවට සහභාගි වුණා. ඒ බ්‍රසීල වේලාවෙන් 18වැනිදා පෙරවරුවේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ අගනුවර දී.

සමුළුවේ පළමු අදියරේදී “කුසගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම” යන ප්‍රධාන තේමාව යටතේ පැවති සාකච්ඡාවේදී ෂී ජින් පිං මහතා “පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම” යන මැයෙන් වැදගත් දේශනයක් පවත්වා තිබෙනවා.

පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම සඳහා,වෙළඳාම,සංවර්ධනය හා සහයෝගීතාවය යනාදී ක්ෂේත්‍රවල සම්පත් ආයෝජනය වැඩි කළ යුතු බව ඔහු එහිදී කියාසිටියා. දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය වැනි අභියෝගවලට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බවත් සහභාගීත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කොට බහුපාර්ශ්වවාදය තහවුරු කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා සඳහන් කළා.

ෂී ජින් පිං මහතා එහිදී චීනය ගෝලීය සංවර්ධනයට සහාය දැක්වීමේ පියවර 8ක් ප්‍රකාශ කළා. චීනය ඉදිරිපත් කළ“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සෙසු රටවල් සමග එක්ව ක්‍රියාත්මක කිරීම සහ, සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාව තුරන් කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජගත් සහයෝගිතාව සඳහා චීනය අඛණ්ඩව සහාය ලබා දීම ඇතුළු කරුණු ඊට ඇතුළත් වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...

සිවුවන දිනටත් ඉරාන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩවම; ඊශ්‍රායලය ටෙහෙරානයේ ගුවන් අවකාශය අත්පත් කරගනියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය හා ඉරානය...

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...