*
Tuesday, November 19, 2024
spot_img

Latest Posts

මහ කන්නයේ පොහොර සහනාධාරය ගැන ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්ගෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:මහ කන්නයේ පොහොර සහනාධාරය සමබන්ධයෙන් බිය විය යුතු නැති අතර කුඹුරු වැඩ ආරම්භ වූ වහාම එම මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

2024 මහ කන්නය සඳහා පොහොර සහනාධාරය ලබා දීම ආරම්භ කළේ පසුගිය ඔක්තෝම්බර් 14 වැනිදා වන අතර දිස්ත්‍රික්ක 22ක් සඳහා ගොවීන් එක්ලක්ෂ නවදාහක් වෙනුවෙන් එම සහනාධාරය ලබා දෙන බවත් ඒ වෙනුවෙන් රු. මිලියන 1292ක් රජය වෙන්කර තිබෙන බවත් රාජපක්ෂ මහතා පවසයි.

වැඩිම පොහොර සහනාධාරය වෙන්ව ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කය වෙනුවෙන් වන අතර එය රු. මිලියන 292කි.

පළමු අදියර යටතේ පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රු.15000ක් බැගින් වන අතර දෙවෙනි අදියරේදී එය ලැබෙනුයේ රු.10,000ක් වශයෙනි.

ඒ අනුව අද (19) දිනයේදීත් පොහොර සහනාධාරය වෙනුවෙන් ගොවීන් 47553ක් සඳහා භාණ්ඩාගාරයෙන් රු.මිලියන 540ක් ඉල්ලුම් කර තිබෙන බවද රාජපක්ෂ මහතා කියාසිටියි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා මෙතෙක් පොහොර සහනාධාරය නිකුත් කිරීමට නොහැකි වී ඇත්තේ මහා වාරි යටතේ ප්‍රධාන ජලාශවලට ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇත්තේ මීට දින කිහිපයකට පෙර වන හෙයින් ගොවීන්ට කුඹුරු වැඩ ආරම්භ කිරීමට නොහැකි වූ නිසාවෙනි. එම කුඹුරු වැඩ ආරම්භ වූ වහාම එම සහනාධාර මුදල් ලබා දීම ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් පවසයි.

එහෙයින් වැරදි ප්‍රචාරවලට හසු නොවන ලෙස තමන් ගොවියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan