රඹුක්කන නොසන්සුන්තාව ගැන ජාත්‍යන්තරය අවධානයෙන්!

Date:

රඹුක්කන මතුවූ නොසන්සුන්තාවය මත නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවන බවට පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබිණි.

මේ අතර, රඹුක්කන මතුව ඇති තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානය යොමුව තිබේ.

එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රඹුක්කන හටගත් තත්ත්වය පිළිබඳ වහාම ස්වාධීන විමර්ශනයක් දියත් කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා සිටියේ රඹුක්කන මතුව ඇති තත්ත්වය පිළිබඳව තමා අතිශයින්ම කණගාටු වන බවත්, ප්‍රචණ්ඩත්වය කුමන පාර්ශවයකින් මතුවූව ද එය වැරදි බවත් ය.

එමෙන්ම, ස්වාධීන හා විනිවිදභාවයකින් යුතු විමර්ශනයක් දියත් කළ යුතු බව ද ඒ මහත්මිය සිය නිවේදනයේ සඳහන් කර සිටියි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...