ලාඕසයේ මෙතනොල් විෂ වීමකින් විදේශිකයන් හය දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලාඔසයේදී සැකකටයුතු මෙතනෝල් විෂ ශරීරගත වීමෙන් ඔස්ට්‍රේලියානු ජාතික යෞවනියක් මිය යාමත් සමඟ අපිරිසිදු මත්පැන් පානය කිරීමෙන් මියගිය විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.

19 හැවිරිදි හොලි බෝල්ස්ගේ පවුලේ අය පැවසුවේ, සංචාරක නගරයක් වන වැන්ග් වියෙන්ග්හිදී ඇය රෝගාතුර වී සතියකට වැඩි කාලයකට පසුව ඇයගේ මරණය තහවුරු කළ බවයි. ඇගේ මිතුරිය 19 හැවිරිදි බියන්කා ජෝන්ස් සහ ගිනිකොනදිග ලන්ඩනයේ සිට බ්‍රිතාන්‍ය නීතිඥ සිමෝන් වයිට් (28) බ්‍රහස්පතින්දා මියගිය ගොස් ඇති අතර මත්ද්‍රව්‍යවලට සම්බන්ධ බවට සැක කෙරෙන විෂ ශරීරගත වූවන් අතර නම් සඳහන් නොකළ එක්සත් ජනපද පුරුෂයෙකු සහ වයස අවුරුදු 19 සහ 20 වයස්වල පසුවන ඩෙන්මාර්ක ජාතික කාන්තාවන් දෙදෙනෙකු ද වේ.

මේ වන විට වාර්තා වී ඇති ප්‍රවෘත්ති වාර්තා සහ සාක්ෂිවලින් පෙනී යන්නේ සංචාරකයින් මෙතනෝල් මිශ්‍ර මත්පැන් පානය කර ඇති බවයි. කෙසේ නමුත්, මෙතනෝල් කුඩා ප්‍රමාණයක් මාරාන්තික විය හැකි නමුත් සමහර විට එය මත්පැන් වලට වඩා ලාභදායී බැවින් එය බීම වලට එකතු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...