හය හත් ගුණයකින් මිල ඉහළ දමා රෝගීන් ගසා කන පුද්ගලික රෝහල් රසායනාගාර මාෆියාව එළියට..

Date:

සියයට 680කට වඩා වැඩි අගයකින් මිල ඉහළ නංවමින් රසායනාගාර පරීක්ෂණ ක්‍රියාත්මක කරන පුද්ගලික රසායනාගාර පිළිබඳ කරුණු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බව අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමනය කිරීමේ ක්‍රියාවලියේ කාර්ය සාධනය ඇගයීම සම්බන්ධයෙන් 2024 ජුලි මස දහවෙනි දින ජාතික විගණන කාර්යාලයේ නිකුත් කළ විශේෂ විගණන විමසුමකින්.

ඇතැම් රසායනාගාර රුපියල් 100 ක මුදලකට සිදුකරන UFR පරීක්ෂණයක් සිදු කිරීමට තවත් පර්යේෂණාගාර රුපියල් 680ක මුදලක් අය කරන බවයි මෙහිදී හෙළිව ඇත්තේ.

මේ අයුරින් ප්‍රධාන වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් සඳහා රෝගී ජනතාව සුරාකමින් මුදල් අය කර ගැනීමේ තත්ත්වයන් පිළිබඳ කරුණු රැසක් හෙළිව තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පුද්ගලික රෝහල් සහ රසායනාකාර නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක කර ඇති පුද්ගලික රෝහල් නියාමන කමිටුවද මෙම ගාස්තු අය කිරීම සාධාරණීකරණය කර තිබීමයි.

පවතින සාමාන්‍ය මිල අය කිරීම් වලට වඩා ඉහළ අගයක් රසායනාගාරවලට රෝගීන්ගෙන් අය කර ගත හැකි ලෙස මිල සූත්‍ර හඳුන්වාදීමට ද මෙම නියාමන කමිටුව විසින් කටයුතු කර ඇති බව හෙළිව තිබෙනවා.

මෙම කමිටුවේ නියෝජිතයන්ගෙන් සැලකිය යුතු පිරිසක් පුද්ගලික රසායනාගාර සහ රෝහල්වල හිමිකරුවන්ම බවයි හෙළිවන්නේ.

පුද්ගලික රෝහල් සහ රසායනාකරලා ලියාපදිංචි කිරීම, පුද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සම්බන්ධයෙන් ජනතාවගේ ලැබෙන පැමිණිලි විභාග කිරීම, ඖෂධ මිල ගණන් තීරණය කිරීම ආදි කටයුතුවලදී ද රෝගී ජනතාවට අසාධාරණ වන අයුරින් ක්‍රියා කර ඇති බවට මෙම විගණන විමසුම හරහා හෙළිව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

47 වැනි වාර්ෂික සත් සාමාජික වෙළෙඳ සේවා හොකී තරගාවලිය මෙම මස 9 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: වසර 1957දී ආරම්භ කරනු ලැබූ...

Rashmini Mather කේබල් සොලියුෂන්ස් පීඑල්සී සමඟ එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කේබල් සොලියුෂන්ස් පීඑල්සී...

Colombo Dockyard නව ගමනක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : Colombo Dockyard PLC...

නව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීමේ නිලවරණය හෙට!

කොළඹ LNW:ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙකු...