*
Thursday, December 26, 2024
spot_img

Latest Posts

කොළඹ දකුණට සහ මහනුවර ජයග්‍රහණ දෙක බැඟින්

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 23(LNW) කොළඹ :

ප්‍රීමා අනුග්‍රහය යටතේ පැවත්වෙන අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් තරගාවලියේ පළමු දින දෙක වූ නොවැම්බර් 21 සහ 22 යන දෙදින තුළ කොළඹ දකුණ කණ්ඩායම ජයග්‍රහණ දෙකක් අත් කර ගන්නට සමත් වුණා.එසේම මහනුවර කන්ඩායමට ද ජයග්‍රහණ දෙකක් හිමි වුණා.කොළඹ උතුර කණ්ඩායම සහභාගි වූ තරග දෙකෙන්ම පරාජය ලැබුවා.ඒ කොළම උතුර සහ මහනුවර කණ්ඩායම්වලට එරෙහිවයි.කොළඹ දකුණු කණ්ඩායම ඉදිරියේ පරාජය වී දඹුල්ල කණ්ඩායමත්,මහනුවර කණ්ඩායම ඉදරියේ පරාජය වී දඹුල්ල කණ්ඩායමත් පරාජිතයන්ගේ ලේඛණයට ඇතුළත් වුණා.


විශාල ලකුණු පූවරු දකින්නට නොලැබුණු තරගාවලියේ එම දින දෙක තුළ තරගවලදී දැක ගන්නට ලැබුණේ අර්ධ ශතක දෙකක් පමණයි.ඒ අතරින් තරග දෙකම පරාජය වූ කොළඹ උතුර කණ්ඩායමේ බිනෝද් සන්දිල් ලකුණු 67 ක් රැස් කරමින් සතියේ හොඳම ඉණිමේ හිමිකරු බවට පත් වුණා.මහනුවර කණ්ඩායම ඉදිරියේ ලකුණු 14 න් පරාජය වූ කොළඹ උතුර කණ්ඩායමට එල්ල වූ ඉලක්කය වූ ලකුණු 148 ක් ලැබීම ලකුණු 133 ක් ලබමින් නිමා වුව ද,බිනෝද් එම ලකුණු 133 න් ලකුණු 67 ක් ම සිය පිත්තෙන් ලබා දුන්නා.
එහෙත් මහනුවර කණ්ඩායම‍ට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් එක් වී සිටින සනිතු ගුණතිලක ලකුණු 17 ට කඩුලු 3 ක් ද,ශ්‍රී සුමංගලයෙන් එක් වි සිටින කුසල් බණ්ඩාර ලකුණු 19 – කඩුලු 3 ක් ද සහ ශාන්ත අන්තෝනියේම විහඟ නෙතුසර ලකුණු 27 ට කඩුලු 3 ක් ද ලබමින් කොළඹ උතුර කණ්ඩායම අසරණ කර දැමුවා.පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 9 ට ලකුණු 147 ක් ලැබූ මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඇති ශාන්ත අන්තෝනි ශක්තිය සහතක කරමින් යෙනුල හේවාවිතාරණ ලකුනු 50 ක් රැස් කරන්නට සමත් වුණා.කොළඹ උතුර නියෝජනයට වෙස්ලි විදුහල හරහා පැමිණි ශම්මා ජොනතන් ලකුණු 28 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී ණෙන දස්කම් දැක් වුව ද,මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කරා යාම වැළක්වීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ.


ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 5 න් කොළඹ දකුණ ජය ලැබූ කොළඹ උතුර පරාජය වූ තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුර කණ්ඩායම ලකුණු 141 රැස් කළා.පිළිතුරු ඉණිම පන්දු ඕවර් 46.4 ක් ගෙවෙන තැන නැවතෙන විට කඩුලු 6 ක් දැවී ලකුණු 131 ක් රැස් කර සිටි කොළඹ දකුණ එම මොහොතට සාපේක්ෂව අවශ්‍යය ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 5 ක් ඉදරියෙන් සිටියා.
කොළඹ උතුර ලකුණු 141 ක් රැස් කළ මෙම තරගයේදී ද,එම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ බිනෝද් සන්දීල් වීම කැපී පෙණුනා.කොලඹ රාජකීය විද්‍යාලය හරහා කොළඹ දකුණ කණ්ඩායම නියෝජනය කිරිමට එක් වූ දුෂේන් උඩුවෙල ලකුණු 18 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.පිළිතුර ඉණිම සඳහා පිවිසි කොළඹ දකුණ කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 75 ක් තුළ බිඳ වැටුණා.අනතුරුව පිටියේ එක් වූ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අදීශ ලක්ෂාන් සහ කොළම රාජකීය විද්‍යාලයේ මහිරු කොඩිතුවක්කු කොළඹ උතුර කණ්ඩායමට කඩුල්ලක් ලබා ගැනීමට ඉඩ ලබා නොදෙමින් ලකුණු 56 ක සබඳතාවයක් ගොඩ නඟමින් කොළඹ දකුණු කණ්ඩායම ජයග්‍රහණය කරා රැඟෙන ගියා.අදීශ නොදැවී ලකුණු 33 ක් සහ මහිරු නොදැවි ලකුණු 22 ක් ලබා ගන්නට සමත් වුණා.


කොළඹ දකුණ කණ්ඩායම දෙවන ජය අත් කර ගත්තේ දඹුල්ල කණ්ඩායමට එරෙහිවයි.එහිදී ලකුණු 76 ක ජයක් ලැබූ කොළඹ දකුණ කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 151 ක් රැස් කරන්නට සමත් වුණා.පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 75 ක් පමණයි.
කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් මේ තරගයේ දී පළමු තරගයේදී පන්දුවෙන් දස්කම් දැක් වූ දුෂේන් උඩුවෙල තුන් ඉරියව්වෙන්ම කැපී පෙණෙන දස්කම් දක්වන්නට සමත් වුණා.පිත්තෙන් ලකුණු 43 ක් ලැබූ උඩුවෙල,පන්දු යැවීමේදී කඩුලු අතරට නොපැමිණියත් පන්දු ඕවර් 6 ක් යවා ලකුණු 5 ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් ඇති කරනු ලැබුවා.උඩුවෙල දෙවන කඩුල්ලට ශාන්ත පීතර විද්‍යාලයේ රෙෂාන් සොලමන් (44) සමඟ ලකුණු 89 ක සබදතාවක් පැවත්වීම ලකුණු පූවරුව 151 දක්වා විහිදෙන්නට ප්‍රධාන හේතුව වුණා.
ලකුණු ලබා ගැනීම වඩාත් දුෂ්කර වූ තරගය බවට පත් වූ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දී ලකුණු 73 ට සියල්ල දැවී ගිය ගාල්ල කණ්ඩායම ප්‍රතිවාදීන් ලකුණු 77 පසු කරන්නට ගත් උත්සාහයේදී පන්දු යැවීමෙන් විශාල තර්ජනයක් එල්ල කරන්නට සමත් වුණා. මහනුවර කණ්ඩායම ලකුණු 74 ක් ලබා ගනිද්දී ඔවුන්ගේ කඩුලු 7 ක් ම ඩැහැ ගන්නට ගාල්ල කණ්ඩායම සමත් වුණා.


එහිදී පළමු තරගයේදී ද පන්දුවෙන් දස්කම් දැක් වූ කුසල් බණ්ඩාර මහනුවර වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 11 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම දුෂ්කර කාර්යයක් කර ගාලු පන්දු යවන්නන් අතරින් කැපී පෙණුන කණ්ඩායම් නායක,දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරන සඳරු මල්ෂාන් ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan