අස්වැසුමෙන් අතිරේක සහන කාලයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ (LNW):

මෙතෙක් අයදුම් කිරීමට නොහැකිවූ පුද්ගලයින් සඳහා අතිරේක සහන කාලයක් ලබා දීමට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ.

නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මස 02වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට අවස්ථාව ලබා දී ඇති බව, එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේය.ඒ සඳහා වන අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගත හැකි වෙයි.

තවද, අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමයේ පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් පුද්ගලයින්ට දුක්ගැනිවිලි ඉදිරිපත් කිරීම සඳහා ද දෙසැම්බර් මස 15 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇති බවත්, අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ පවුල් ලක්ෂ 17ක් සඳහා දීමනා ගෙවීම සිදුකරන අතර ප්‍රතිලාභ අපේක්ෂාවෙන් එහි දෙවන අදියර සඳහා අයදුම්පත් හාර ලක්ෂ 55,000ක් ලැබී ඇති බවත්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...