සුජීවගේ සැප රිය නිදහස් කිරීමට නියෝග!

Date:

කොළඹ LNW:අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු සුජීව සේනසිංහ මහතාගේ සුඛෝපභෝගී වාහනය රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත මුදාහරින ලෙස අද (25) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සුඛෝපභෝගී වාහනය නීති විරෝධී ලෙස එකලස්කරන ලද බවට එල්ල වූ චෝදනාව මත එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලෙස පසුගිය 12 වනදා අධිකරණය නියෝග කර තිබුණි.

මෙම වහනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම ජීප් රථය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට ලැබුණු තීරුබදු රහිත වාහන බලපත්‍රය මගින් 2010 වසරේදී මෙරටට ගෙන්වා ඇති බවයි.

මෙම ජීප් රථය ලියාපදිංචි කිරීමකින් තොරව ශ්‍රී රංගා මහතා විසින් මාස කිහිපයක් භාවිතා කර ඇති බවත් 2011 මාර්තු 30 සෙට්ටිකුලම් ප්‍රදේශයේදී එය අනතුරකට ලක්ව ඇති බවත් අධිකරණයට දන්වා තිබුණි.

එම අනතුරින් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එවන් පසුබිමක 2022 වසරේදී මෙම ජීප් රථය සුජීව සේනසිංහ මහතා නමින් ලියාපදිංචි කර ඇති බවත් කැලණිය ප්‍රදේශයේ වාහන එකළස් කිරීමේදී ස්ථානයකට යොමුකර ඊට කොටස් කිහිපයක් එකතු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙඅප්ර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය