ෂර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරය නැවත රාජ්‍ය බල නියාමකය වෙත අනුගත වෙයි!

Date:

ෂර්නොබිල් හි පිහිටා ඇති න්‍යෂ්ඨික බලාගාරය යළි රාජ්‍ය බල නියාමකය වෙත අනුගත වූ බවට යුක්රේන රජය ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය (International Atomic Energy Agency – IAEA) වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව ෂර්නොබිල් බලාගාරය හා රාජ්‍ය බල නියාමකය අතර සන්නිවේදන කටයුතු යළි යථා තත්ත්වයට පත්ව තිබේ.

මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම න්‍යෂ්ඨික බලාගාරය පිහිටි කලාපය අත්පත් කරගත් අතර, මේ වන විට රුසියානු හමුදා ඒකක එම කලාපයෙන් ඉවත් කර ගෙන තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි පවසා සිටියේ මෙම ප්‍රගතිය ඉතාමත් හොඳ පුවතක් බවයි.

එමෙන්ම, එළඹෙන මාසය තුළ ෂර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් යෙදවීමට තමා අපේක්ෂා කරන බව ද හෙතෙම අවධාරණය කර තිබේ.

ෂර්නොබිල් බලාගාරය නිශ්ක්‍රියව පවතින න්‍යෂ්ඨික බලාගාරයක් වන අතර, රුසියානු ආක්‍රමණය ආරම්භ වූ මොහොතේ එම කලාපය අත්පත් කර ගැනීමට රුසියානු හමුදා කටයුතු කර තිබිණි.

එහෙත් එම ස්ථානයෙන් රුසියානු හමුදා භටයන් මාර්තු 31 වන දින නැවත ඉවත් කරගෙන තිබිණි.

ෂර්නොබිල් බලාගාරය වඩාත් ප්‍රසිද්ධ වන්නේ 80 දශකයේ එහි හටගත් පිපිරීමත් සමඟ සිදුවූ මහා ජන සංහාරය නිසාවෙනි. මෙම සිදුවීමට වගකිව යුත්තේ එවකට පැවති සෝවියට් රජයයි. මේ ආශ්‍රිතව නිමවූ චිත්‍රපට හා වාර්තාමය වැඩසටහන් පවා තිබේ.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...