මහා සාගරය කලඹවන තල්මසුන්ටත් වරදින මඟ සලකුණු!

Date:

සටහන: පුන්සරා ලියනගේ

නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):උතුරු නවසීලන්තයේ වැන්ගරේයි අසල රුකාකා වෙරළ තීරයේ අතරමංව සිටි නියමු තල්මසුන් 30කට අධික පිරිසක් ඉකුත් ඉරිදා බේරා ගත් බව බලධාරීහු පවසති.

බොහෝ දෙනෙක් නැවත මුහුදට පිහිනා ගිය නමුත් වැඩිහිටි මසුන් තිදෙනෙකු සහ එක් පැටවෙකු මිය ගිය බව සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව (DOC) පවසයි.

මුදාගැනීමේ ප්‍රයත්නය ප්‍රාදේශීය මාඕරි කණ්ඩායම වන පතුහරකේකේ විසින් මෙහෙයවන ලද අතර අදාල බලධාරීන් සහ අනෙකුත් මහජනතාවද එක්ව සිටියහ.

තල්මසුන් අතරමං වීම පැහැදිලි කළ නොහැකි ස්වාභාවික සංසිද්ධියක් වන අතර, නවසීලන්තය මෙම සිදුවීමේ ලොව ඉහළම අනුපාතවලින් එකක් දරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...