කාර්තිව් ට්‍රැක්ටර් ඛේදවාචකය : තවත් සිසුවෙකුගේ සිරුර හමුවෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුව ගසාගෙන යාමෙන් අතුරුදන් වූ සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ මළසිරුර සොයාගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවී ඇත.

නින්දවූර් මද්‍රසා පාසලේ සිසුන් 11 දෙනෙකු නිවෙස් කරා යාම සඳහා පසුගිය 26 වනදා පස්වරුවේ මාවඩිපල්ලි පාලම අසලින් සමන්තුරෙයි දෙසට ගමන් ට්‍රැක්ටර් රථයකට ගොඩවී තිබුණු අතර ට්‍රැක්ටරය ජලයෙන් යටවූ ප්‍රදේශය හරහා ගමන් කිරීමේදී අනපේක්ෂිත ලෙස සැඩ පහරකට හසුව පෙරළී ගොස් තිබිණි.

එහිදී ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් පිරිසත් ට්‍රැක්ටරයේ රියදුරු සහ සහායකයාත් ජල පහරේ ගසාගෙන ගොස් තිබුණු අතර සිසුන් පස්දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබිණි.

අතුරුදන්වූ සිසුන් හයදෙනාගෙන් හතර දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර අනෙක් සිසුන් දෙදෙනාත් රියදුරා සහ සහායකයාත් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...