ලොව පුරා රටවල් 20 ක් අතරට ලෝක බැංකුවේ ඒකාබද්ධ දකුණු ආසියාවේ කාර්යාලය සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකාවත්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ (LNW):

ලොව පුරා රටවල් 20 ක් අතරට ලෝක බැංකුවේ ඒකාබද්ධ දකුණු ආසියාවේ කාර්යාලය සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇතැයි ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා පවසයි.

ලෝකබැංකු සභාපතිවරයා සදහන් කළේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡාවක නිරතවූ අවස්ථාවේදීය,

ලෝක බැංකුවේ ඒකාබද්ධ දකුණු ආසියාවේ කාර්යාලය 2025 ජූලි 25 වැනිදා විවෘත කිරීමට නියමිත අතර, ලෝක බැංකු සමූහය යටතේ පවතින නැවත ගොඩනැගීම හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සංගමය, ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ බහුපාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය යන ආයතන අතර සම්බන්ධීකරණය එම කාර්යාලයෙන් සිදු වෙයි.

ජනාධිපතිවරයා සහ ලෝක බැංකු සභාපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවේදී නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහය පිළිබඳවද අවධානය යොමුවී තිබේ.

අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට  මූල්‍ය සහ තාක්‍ෂණික උපකාර සැපයීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ වනවිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය, තරගකාරීත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිඳුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා සහය ලබා දෙන අතර, ඉදිරියේ දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය, ජල කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දක්වා එම සහය ව්‍යාප්ත කිරීමට ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...