ජාතික ක්‍රීඩාවේ අනාගතය වර්ණ ගන්වන ඩීඑස්අයි සැණකේළියේ උච්චතම මොහොතට අගමැතිණිය

Date:

සටහන – නිශ්මං රණසිංහ1
නොවැම්බර් 28,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවේ අනාගතය සවිගන්වන වර්ණවත් සැණකේළිය වන ඩීඑස්අයි වොලිබෝල් තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවය පැවත්වෙන නොවැම්බර් 30 වන දින ජය සංඛේත ප්‍රදානයට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගි වීමට නියමිතව ඇත.වයස් කාණ්ඩ 5 ක් යටතේ බාලක සහ බාලිකා ලෙස පැවත්වෙන මෙම තරගාවලියේ අවසාන තරග නොවැම්බර් 29 සහ 30 යන දෙදින තුළ කොළම සුගතදාස පිටියේදී පැවත්වීමට නියමිත අතර මෙම තරග සජීවීව නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට ලබා දීම සඳහා ස්වාධීන රූපවාහිනිය කටයුතු සැළසුම් කර ඇත.


වයස් කාණ්ඩ 5 ක් යටතේ අවසන් තරග 10 ක් පැවත්වෙන මෙම තරගාවලියේ අවුරුදු 11 න් පහළ,අවුරුදු 13 න් පහළ බාලක බාලිකා දෙ‘අංශයෙන්ම නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ කණ්ඩායම් අවසාන තරගයට පිවිස සිටිනවා.එසේම 15 න් පහළ බාලක සහ 17 න් පහළ බාලක යන තරග අංශ දෙකේමත් ධම්මිස්සරය දකින්නට ලැබෙනවා.එසේම අවුරුදු 15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ බාලිකා තරග අංශවල දී හුංගම විජයබා ජාතික පාසල ද අවසන් තරගවලට පිවිස සිටිනවා.එසේම රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය ද අවුරුදු 19 න් පහළ බාලක බාලිකා තරග අංශ දෙකෙන්ම අවසාන තරග නියෝජනය කිරීමද විශේෂ කොට සැළකිය හැකියි

http://www.sportwaynews.com

  1. ↩︎

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...