ජාතික ක්‍රීඩාවේ අනාගතය වර්ණ ගන්වන ඩීඑස්අයි සැණකේළියේ උච්චතම මොහොතට අගමැතිණිය

Date:

සටහන – නිශ්මං රණසිංහ1
නොවැම්බර් 28,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවේ අනාගතය සවිගන්වන වර්ණවත් සැණකේළිය වන ඩීඑස්අයි වොලිබෝල් තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවය පැවත්වෙන නොවැම්බර් 30 වන දින ජය සංඛේත ප්‍රදානයට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගි වීමට නියමිතව ඇත.වයස් කාණ්ඩ 5 ක් යටතේ බාලක සහ බාලිකා ලෙස පැවත්වෙන මෙම තරගාවලියේ අවසාන තරග නොවැම්බර් 29 සහ 30 යන දෙදින තුළ කොළම සුගතදාස පිටියේදී පැවත්වීමට නියමිත අතර මෙම තරග සජීවීව නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට ලබා දීම සඳහා ස්වාධීන රූපවාහිනිය කටයුතු සැළසුම් කර ඇත.


වයස් කාණ්ඩ 5 ක් යටතේ අවසන් තරග 10 ක් පැවත්වෙන මෙම තරගාවලියේ අවුරුදු 11 න් පහළ,අවුරුදු 13 න් පහළ බාලක බාලිකා දෙ‘අංශයෙන්ම නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ කණ්ඩායම් අවසාන තරගයට පිවිස සිටිනවා.එසේම 15 න් පහළ බාලක සහ 17 න් පහළ බාලක යන තරග අංශ දෙකේමත් ධම්මිස්සරය දකින්නට ලැබෙනවා.එසේම අවුරුදු 15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ බාලිකා තරග අංශවල දී හුංගම විජයබා ජාතික පාසල ද අවසන් තරගවලට පිවිස සිටිනවා.එසේම රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය ද අවුරුදු 19 න් පහළ බාලක බාලිකා තරග අංශ දෙකෙන්ම අවසාන තරග නියෝජනය කිරීමද විශේෂ කොට සැළකිය හැකියි

http://www.sportwaynews.com

  1. ↩︎

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...