වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේම යනවා – සජිත් ප්‍රේමදාස (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතාවගේ ජනවරමක් ලැබීමත් සමග ජනතාවට හිතවාදී ජනතාවට සෙතක් සැලසෙන නව IMF වැඩපිළිවෙළකට යන බව වත්මන් රජය පැවසුවත් මේ වනවිට ඔවුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් ඔහු ඉදිරිපත් කළ ගිවිසුම ඉදිරියට ගෙන යන බවත් රටේ ජනතාව දුන් ජනවරම පැත්තකට විසි කර IMF එක කියන කියන පදයට නටන රජයක් බවට පත්ව ඇති බවත් රටට ජනතාවට මේ නිසා ගොඩඒමක් නම් පෙනෙන්නට නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් රජය IMF එකේ පදයට නටනවා

ආචාර්ය හර්ෂ ද සිල්වාත් සමගි ජන බලවේගයත් කියන්නේ IMF රාමුව තුළ වැඩකරනවා සේම ජනතාවට පොරොන්දු වූ සහන ලබා දිය යුතුය යන්න බවත් 6% සිට 36% දක්වා වන බදු සූත්‍රය වෙනස් කර එය 1-24% දක්වා පහත දමන බවට පොරොන්දු වූ බවත් සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා මේ දේවල් IMF රාමුව තුළ සිටිමින් කළහැකි වුවත් වත්මන් රජය IMF එකේ පදයට නටන බවත් සඳහන් කළේය.

රජය මැතිවරණ වේදිකාවේ කියූ දේවල් කරන්නේ නැහැ

ආදායම වැඩි කරන්නට ඇති එකම ක්‍රමය බදු වැඩි කිරීම පමණක් නොව බදු දැලට හසු නොවන අය එයට ඇතුළත් කර ගැනීම බදු එකතු කිරීම, කාර්යක්ෂම කිරිම, ඩිජිටල් කරණය කිරීම කල හැකි බවත් වත්මන් රජය මැතිවරණ වේදිකාවේ කිව් දේවල් නොකර සිටින බවත් විදුලි බිල අඩු කිරීම කරනවා යැයි කිව්වත් තවමත් ඒවා කර නොමැති බවත් තෙල් මිල ගැන කිව්ව කතා හැටියට තෙල් මිල විශාල වශයෙන් අඩු කර හැකි වුවත් තෙල් මිල ද අඩු කර නොමැති බවත් මේ අය මැතිවරණ වේදිකාවේ බොරු පොරොන්දු දී අද ඒවා ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අඩුපාඩු දැක දැක කටවහන් ඉන්න බෑ

මේවා කියන්නේ රජයට කුහකකම් කිරිමට නොවන බවත් මේ සිදුකරන්නේ රජයේ අඩුපාඩු වැරදි පෙන්වා දී ජනතාවට සේවය කිරිමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා විශාල ජනවරමක් ලබා කියපු දේ නොකර සිටින විට කටවහන් සිටීමට නොහැකි බවත් වත්මන් රජය ජනතාවගේ හිත දිනා ගැනීමට කියූ දේවල් කරන්න නොහැකිව නිර්වින්දනය වී ඇති බවත් ජනවරම අමතක කර ඇති බවත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...