වාහන ආනයනය ගැන දැන් ඇසෙන කතාව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ (LNW):

2025 වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය අනිවාර්යෙන්ම ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

නිසි ක්‍රමවේදයකින් යුතුව එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඉදිරියේදි ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව , කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පැවසුවේය.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික මහතා,

“පෙබරවාරි සිට අනිවාර්ය වශයෙන් අපිට වාහන ආනයනය කරන්න පුළුවන් වෙනවා. මොකද මේ රජය ප්‍රතිපත්තියක් ලෙස වාහන ආනයනය කරන්න දෙනවා කියලා අපිට වචනයක් දීලා තියෙනවා. අපි ලෑස්තියි වාහන ගෙන්වන්න. ඒ වගේම හොඳ වාහනයක් ජනතාවට සාධාරණ මුදලකට දෙන්න මේ මගින් ලැබෙනවා. වාහන ආනයනය ප්‍රකෘති කිරීමට කරුණු කිහිපයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත්කළා වාහන ආනයනයට ප්‍රතිපත්තියක් සක ස් කිරීමට. ජාතික ප්‍රතිපත්තියක් ඇතිකිරීම වාහනවලින් පටන් ගත්තා. ඒක හොඳ දෙයක්. පෙබරවාරිවල සිට වාහන ගෙන්වනවා නම් මහ බැංකුවෙන් ඒ මුදල් වෙන්කරලා දෙන්න කැමැති වෙලා තියෙනවා. ඒ වගේම IMF එකත්  වාහන ගෙන්වීම සඳහා අනුමැතියක් ලබාදීලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න වාහන ආනයනකරුවන් 600ක් පමණ අවුරුදු 04ක් තිස්සේ අසරණවෙලා. මේ ඉන්න වෙළෙන්ඳන්ටත් සාධාරණයක් වියයුතුයි.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...