ට්‍රම්ප්ගෙන් තවත් ප්‍රබල අනතුරු ඇඟවීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර්03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හමාස් සංවිධානය රඳවා ගෙන සිටි ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට පියවර නොගතහොත් අනිටු ප්‍රතිවිපකයන්ට මුහුණදීමට සිදුවිය හැකි බව අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ, ජනවාරි මාසයේ දී තමා ධුරයේ වැඩභාර ගැනීමට ප්‍රථමව ඊශ්‍රායලය හා හමාස් සංවිධානය සටන් විරාමයකට එළඹිය යුතු බවයි. ලබන වසරේ ජනවාරි 20 වන දින ට්‍රම්ප් ජනාධිපති ධුරයේ වැඩභාර ගැනීමට නියමිත වේ. ඊට පෙර හමාස් සංවිධානය රඳවාගෙන සිටින සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කළ යුතු බව ද ඔහු පවසා සිටී.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, තෲත් සමාජ මාධ්‍ය යේ සටහනක් තබමින්‍ ය. තවද දෙපාර්ශවය අතර සාකච්ඡා පමණක් පවතින බවත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ට්‍රම්ප් පෙන්වා දෙයි.ඊශ්‍රායලය හමාස් යුද ගැටුම් නැවැත්වීම සදහා ජනාපති ධුරයට නැවත තේරීපත්වීමෙන් පසු ට්‍රම්ප් සිදුකළ ප්‍රබලතම ප්‍රකාශය ලෙස ද මෙය සැලකෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...