මාස තුනක් නොගෙවූ පොලිස් නිලධාරීන්ගේ හිඟ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීමට රු.මි.3000ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

මුදල් නොමැතිවීම හේතුවෙන් මාස 3කට අධික කාලයක් එම දීමනා ගෙවීම සිදු නොවූ , පොලිස් නිලධාරීන්ගේ හිඟ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 3000ක් ලබා දීමට අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

රුපියල් 28500කට අවමයකට යටත්ව එම දීමනාව සෑම පොලිස් නිලධාරීයෙකුට ලැබෙනු ඇති බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළ අතර, ඉදිරි සතිය ඇතුළත එම හිඟ මුදල් ගෙවීම් ආරම්භ කරන බව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරීය මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...