හිටපු දේශපාලඥයන් දෙදෙනෙකුට අනවසරයෙන් පදිංචිවී සිටින වතු බංගලා බාරදීමට සිදුවන ලකුණු!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දික්වැල්ල වතුයාය සහ උනුගල්ල වතුයාය සමාගම් දෙකකට මීට වසර කීපයකට ඉහතදී බද්දට ලබාදී ඇති අතර, එම වතු සමාගම් දෙකකට අයත් වතු බංගලාවල අනවසරයෙන් පදිංචිවී සිටින දේශපාලඥයන් දෙදෙනාගෙන් එම බංගලා වහාම ලබාගැනීමට කටයුතු කරන ලෙස, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් එම සමාගම්වලට දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් දික්වැල්ල වතු බංගලාවකද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් උණුගල්ල වතුයායේ වතු බංගලාවකද දැනට කාලයක් තිස්සේ අනවසරයෙන් පදිංචිව සිටින බව අනාවරණය වී ඇත. එබැවින් වහාම අමාත්‍යාංශය විසින් එම වතු සමාගම් දෙකට දැනුම්දී ඇත්තේ, අදාළ වතු බංගලා දෙක බාරගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...