ඇනොනිමස්ලා ලංකාවට ආවද?

ඇනොනිමස් යනු ලෝක ප්‍රකට හැකර්වරු කණ්ඩායමකි. 2003 වසරේ සිට මොවුන් නිර්නාමිකව ලොවපුරා සයිබර් ප්‍රහාර එල්ල කරනු ලබයි. මොවුන් තම අනන්‍යතාවය මෙන්ම කටහඬ පවා ලෝකයෙන් වසන් කිරීමට වගබලා ගනී. මොවුන් යොදාගනු ලබන්නේ සංස්කරණය කරන ලද හඬකි. මොවුන්ගේ පණිවිඩ සඳහා වෙස් මුහුණක් පැළඳි චලන රූප පටිගතකිරීම් සමඟ හඬ මුසුකිරීම සිදු කරයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඉන්දියාව සහ තුර්කිය ඇතුළු රටවල නිර්නාමික සයිබර් ප්‍රහාර සිදුකළ මොවුන්ට සම්බන්ධ පුද්ගලයින් දුසිම් ගණනක් අත්අඩංගුවට ගෙන ඇත. කණ්ඩායමේ ක්‍රියාවන් සහ කාර්යක්ෂමතාවය පිළිබඳ ඇගයීම් පුළුල් ලෙස වෙනස් වේ. මෙම කණ්ඩායම ඇතැමෙක් “නිදහස් සටන්කාමීන්” සහ “ඩිජිටල් රොබින් හුඩ්” ලෙස හැඳින්වූ අතර විචාරකයින් ඔවුන්ව විස්තර කර ඇත්තේ “සයිබර් ලින්ච් කල්ලියක්” නැතහොත් “සයිබර් ත්‍රස්තවාදීන් කල්ලියක්” ලෙසය. 2012 දී ඇනොනිමස් හැඳින්වූයේ ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන් සිය දෙනාගෙන් කෙනෙකු ලෙසය. ඇනොනිමස්ලාගේ ප්‍රසිද්ධිය 2018 වන විට අඩු විය. නමුත් ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා සහ වෙනත් හේතූන් සඳහා සහය දැක්වීම සඳහා මෙම කණ්ඩායම 2020 දී නැවත මතු විය.

ඇනොනිමස්ලා මෙලෙස සයිබර් ප්‍රහාර දියත් කරන්නේ කප්පම් ගැනීමේ හෝ පළිගැනීමේ අදහසින්ය. කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයක් නොමැතිව ඔවුන් ක්‍රියාත්මක නොවේ. පසුගිය දින වල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් අරගල කරන්නට ගත් පිරිස ඇනොනිමස් කණ්ඩායමෙන් ගෝඨාභය ගෙදර යැවීමට උදව් ඉල්ලා සිටිනු දැකිය හැකි විය. ඒ අනුව රටේ තරුණ පරම්පරාව ඇනොනිමස්ලාගෙන් උදව් ඉල්ලා හෑෂ් ටැග් කිහිපයක් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත කර තිබෙනු දක්නට ලැබුණි. මුල්‍ය අතින් ක⁣ඩා වැටී ඇති ලංකාවට ඇනොනිමස්ලා උදව් කරාවි යැයි සිතීමම හාස්‍යජනක කාරණාවකි. එසේම දියුණු තාක්ෂණය ගැන හොඳින් දන්නා තරුණ පරම්පරාවද මෙවැනි විහිළු සහගත දෙයක් කිරීමට පෙළඹීම අදහාගත නොහැකි කාරණාවකි.

තවද ඇනොනිමස් කණ්ඩායම යනුවෙන් ලංකාවේ සදාගත් යූ ටියුබ් චැනල්, ෆේස්බුක්, ට්විටර් ගිණුම් සහ ඒවායෙන් විවිධ පණිවුඩ සහ වීඩියෝ සමාජගත වනු දක්න⁣⁣ට ලැබුණි. හොඳම හාස්‍යජනක කාරණය වන්නේ ඇනොනිමස් කණ්ඩායමෙන් එව්වා යැයි කියන සිංහලෙන් ලියූ ලිපියක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමයි. ඇනොනිමස් යනු ඔවුන් කරනා දේ කලින් කියා ක්‍රියාත්මක වන කණ්ඩායමක් නොවේ. එබැවින් මෙය බුද්ධිමත් යැයි කියාගන්නා කිහිපදෙනෙකුගේ අසාර්ථක උත්සාහයකි. නමුත් මේවාට රැවටෙන පිරිසක්ද රටේ වාසය කරයි.

අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ හෑෂ් ටැග් වලින් හෝ ඇනොනිමස්ලාට මේ රටේ ජනාධිපති වෙනස් කිරීමේ හැකියාවක් නොමැත. ඔබට රටේ ජනාධිපති වෙනස් කිරීමට ඇති එකම අවස්ථාව ඡන්දයයි. මෙවැනි නිසරු දේවල් වලට කාලය නාස්ති කළ රටේ තරුණ පරම්පරාව ගැන ඇත්තේ අනුකම්පාවකි.

සංදේශය Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...