සහල් ඒකාධිකාරයන්ට වැඩ වරදියිද?

කොළඹ LNW:කෘෂිකර්මාන්තයට,වාරි කර්මාන්තයට විශාල ආයෝජන ප්‍රමාණයක් කර, පොහොර සහනාධාර දී,පර්යේෂණ සඳහා රජය වියදම් කර ලැබෙන ජාතික අස්වැන්න දෙතුන් දෙනෙකුගේ ඒකාධිකාරයට යට වීමට ඉදිරියේදී ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සහල් සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය ගැන පැහැදිලි කරමිනි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සහල් සංචිත සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලැබුණු වාර්තාව හා පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද සමීක්ෂණ අනුව තොරතුරු දෙකක් වාර්තා වී ඇති හෙයින් දෙපාර්ශවයම සමඟ කරන ලද සාකච්ජාවට අනුව සහල් හිඟයක් ඇතිවීමේ හැකියාව පැවතීම නිසා විවෘතව සහල් ආනයනයට පියවර ගත් බව ජනාධිපතිවරයා පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලද වාර්තාව අනුව රට තුළ සහල් සංචිත ප්‍රමාණවත් ලෙස පැවතුණත් පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද සමීක්ෂණ අනුව සහල් හිඟයක් ඇතිවන බවට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව සතොස හරහා ආනයනයට යම් කාලයක් ගතවෙන හෙයින් එළඹෙන දෙසැම්බර් 20 වැනිදා තෙක් විවෘත ආනයනකකරුවන්ට ඒ සඳහා අවස්ථාව දුන බවත් දෙසැම්බර් 20 වැනිදා වන විට සතොස වෙත සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ලැබීමට නියමිත බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.

පවතින තත්ත්වය අනුව වෙළෙඳපොළ හැසිරීම දෙස බලා එය තුලනය කරගැනීමට කටයුතු කරන නමුත් ඉදිරියේදී දෙතුන් දෙනෙකුට සීමා වී තිබෙන සහල් ඒකාධිකාරියට නිසි පිළිතුරු දෙන බවයි ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

තවදුරටත් එම වෙළෙඳ ඒකාධිකාරයන්ට යට විය නොහැකි නමුත් ඔවුන්ට සතුව මේ මොහොතේ හයියක් පවතින්නේ රජය සතුව ඔවුන් පාලනයට මෙවලමක් නොමැති නිසා වන හෙයින් එය වැලැක්වීම සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න බවත් ඊට යම් කාලයක් ගතවෙනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...