සිස්ටම් චේන්ජ් සහ අනුර කුමාර ජනාධිපතිගේ විධායකය අහෝසිය:තවත් පොරොන්දු ව්‍යාධියක් ද?

Date:

කොළඹ LNW:සිස්ටම් චේන්ජ් එකක් පිළිබඳව බරපතල ලෙස සාකච්ඡාවට ලක් වූයේ ගෝල්ෆේස් අරගල සමයේය. පද්ධතියේ වෙනසක් ඇති කිරීම එහි සරල අරමුණ විය. ආර්ථිකයේ හා දේශපාලනයේ සියලු කඩා වැටීම්වලට හේතුව ක්‍රමයේ වරද බවට වූ දැඩි ජනමතයක් ද මේ කියන වකවානුවේ සමාජගත විය.

පද්ධතියේ වෙනසක් ඇතිකිරීම යන්න ඉතා පුළුල් මාතෘකාවක් මෙන්ම ඒ තුළින් ආවරණය කෙරෙන පරිපාලනමය අවකාශය ද ඉතා සංකීර්ණය. කෙසේ වුවත් අරගල සමය තුළ මා මේ පිළිබඳව ඊට සහභාගී වූ තරු යන් කිහිපදෙනකුගෙන්ම විමසූ මුත් ඔවුන් ඊට දුන් පිළිතුරු සාර්ථක නැත. ඇතමෙකු මේ ගැන හාන්කවිසියක දෙයක්වත් නොදැන සිටි අතර තවත් සමහරකුට මෙසේ ප්‍රශ්න කිරීම පවා නුරුස්සන සුළු විය.

සමහරු පද්ධතියේ වෙනසක් යන්න තේරුම් ගෙන ඇත්තේ ඉතා සරල සිල්ලර ආකාරයටය. ඒ ඒ දෙපාර්තමේන්තු හා සංස්ථාපිත ආයතනවල සිදුකෙරෙන අභ්‍යන්තර හා බාහිර කටයුුතු වල සුළු සුළු වෙනස්කම් පවා ගැනෙන්නේ පද්ධතියේ වෙනස්කම් අනුව සිදුකෙරෙන කර්තව්‍යයන් හැටියටය.

ඒ තියා ජනාධිපති තමාම වාහනයේ දොර ඇරගෙන බැසීමත් සමහරුන්ට සිස්ටම් චේන්ජ්ය. හරි ආසික්ය. මේවා පොඩි පොඩි දේවල් වුණත් ගණන් ගත යුතු දේවල් තමයි. නමුත් කිසිසේත්ම අප මූලික අභිලාෂයන්ගෙන් පිට පැනිය යුතු නැත. මා නම් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකර පද්ධතියේ වෙනසක් ඇති කිරීමෙන් පලක් නොවන බව සෘජුවම කියා සිටින්නෙක්මි. දැන් සිදු කෙරෙන ඔළු ගෙඩි මාරු කිරීම් නොකළ යුතු යැයි කියා නොසිටින මුත් පද්ධතියේ හරය වෙනස් නොකර කරන කුමන වෙනස් කමක් හෝ තාවකාලික වූ අනුමානයක් මා තුළ පවතී. පුද්ගල කේන්ද්‍රියව සිදු කරන වෙනස්කම් දිගු කාලීන නැත. උඩින් විධායක ජනාධිපතිවරයකු තබා ගෙන ඊට යටින් මොනතරම් වෙනස්කම් කළත් නිවැරදි ව පද්ධතියේ වෙනසක් නොසිදු වේය යන්න මගේ විශ්වාසයයි. සමහර විටෙක වර්තමාන ජනාධිපතිතුමා පහළ පාලන තන්ත්‍රයට අනවශ්‍ය ලෙස ඇඟිලි නොගසනවා වියහැක. ඉදිරියටත් එතුමා එම පිළිවෙතම අනුගමනය කරනවා විය හැක. එසේ නොවන්නත් පුළුවන.

අප නීති රෙගුලාසි අනපණත් හැදිය යුත්තේ පුද්ගලයා පිළිබඳව විශ්වාසය තබා නොව කුමන පුද්ගලයකු බලයට පත්වුවද පද්ධතිය නිරුපද්‍රිතව ගලායන ආකාරයටය. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර ජනතා පරමාධිපත්‍යයට බර තැබෙන පාර්ලිමේන්තුව මුල් කරගත් ආණ්ඩු ක්‍රමයකට යා යුතු බව අප පුන පුනා කියන්නේ මේ නිසාය.

මෙහි ඇති කණගාටුවට කරුණ නම් හැම නායකයකුම බලයට පත්වීමට පෙර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු බවට දිවුරා පොරොන්දු වන අතර බලයට පත්වූ පසුව ඒ ගැන නෑසූ කන්ව සිටීමය. අනුර කුමාර ජනාධිපතිවරයා එම ව්‍යාධියට ගොදුරු නොවේ යැයි පතන අතර පසුගිය දිනවල පැවති ප්‍රතිපත්ති කේන්ද්‍රීය ප්‍රකාශවලදී මේ ගැන සඳහන් නොවීම ගැන කණගාටුවට පළකරමි.

උපාලි කොළඹගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...