රනිල්ගේ බලපත්‍රයකින් ගිය සතියේත් බාර් එකක් ඇරලා. ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් !

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමයේ අලුතින් නිකුත් කෙරුණු මත්පැන් අලෙවිසැල් බලපත්‍ර සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක කතා බහක් පසුගිය සතිය පුරා දේශපාලන කරළිය තුළ දක්නට ලැබිණි.

එසේ තිබියදීත් ඒ මත්පැන් බලපත්‍රයක් අනුව අලුතින් මත්පැන් අලෙවි සැලක් මීට සතියකට පෙරත් විවෘත කර ඇති බව වාර්තා වේ.

ඒ, නව නුවර පාර, ගොඩගෙදර, මුදුන්ගොඩ ප්‍රදේශයේ ය.

මෙහි බලපත්‍ර හිමිකාරිනිය වශයෙන් සිටින්නේ අංක 89, ලංකා මාතා පළමු පටුමග, මහබාගේ, රාගම ලිපිනයේ පදිංචි එස්. ඩී. කුෂානිකා ජයකොඩි නමැති කාන්තාවකි.

පසුගිය සතියේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරමින් පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛන අනුව ඉහත කී කාන්තාවට මත්පැන් බලපත්‍ර දෙකක් ලබාදී ඇති අතර ඒ දෙකම ලබාදී ඇත්තේ ඕෂියනික් වයින් ස්ටෝර්ස්, 797 ඒ, පමුණුගම පාර, මීගමුව යන ලිපිනය සඳහා ය. එසේ තිබියදී ඕෂියනික් වයින් ස්ටෝර්ස් නමින් නව නුවර පාර, මුදුන්ගොඩ ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් විවෘත වීම ද සැක සහිත බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

එසේම මෙම ස්ථානයෙහි අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ සහ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ ද දැඩි විරෝධය පළව ඇති අතර මෙම සැක සහිත මත්පැන් අලෙවිසැල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් ජනාධිපති කාර්යාලයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...