සටහන – රුවන් නෙළුගොල්ල
Haycarb PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Haycarb Philippines Corporation විසින් පිලිපීනයේ activated carbon නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා පිලිපීන ආයෝජන මණ්ඩලයේ අනුමැතිය පසුගිය දෙසැම්බර් 09 වන දින හිමි වූ බවයි Haycarb PLC සඳහන් කරන්නේ.
මෙම කර්මාන්තශාලාවේ පළමු අදියර 2026 ජූනි මාසය වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.
පිලිපීනයේ Cagayan de Oro හි ස්ථාපිත කිරීමට නියමිතව ඇති මෙම කර්මාන්තශාලාව සඳහා සිදු කිරීමට නියමිත ඇස්තමේන්තුගත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 08 කි.
මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 5-6 ක කාලය තුළ තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ හරහා වැඩිවන ගෝලීය ඉල්ලුම සපුරාලමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශක්තිමත් සැපයුම්කරුවක් ලෙස ස්ථාපිත වීම තම අරමුණ බවයි Haycarb PLC වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
Haycarb PLC යනු මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන Hayleys PLC හි අනුබද්ධිත සමාගමකි.