මිලාන් රත්නායකට එක්දින වරම්…?

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW:

අද දිනයේ පැවත්වෙන් ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු එක්දින තරගයේදී මිලාන් රත්නායකට ජාත්‍යන්තර එක්දින වරම් හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.එසේම මේ තරගයේදී වැඩි ඉඩක් වේග පන්දු යවන්නන්ට වෙන්විය හැකි බවට ද චරිත් අසලංක ඉඟි පළ කරනු ලැබුවා.මිලාන් ඒ අතරින් වැදගත් වන්නේ ඔහු මේ වන විට තුන් ඉරියව් දක්ෂතා දක්වමින් සිටින නිසා මැද පෙළ ශක්තිමත් කිරීමට හැකි මදවේග පන්දු යවන්නෙක්ගේ අවශ්‍යයතාවය කළකට පසුව ඉටු වෙන නිසයි.
ඛෙත්තාරාම තණතීරුව වෙනස් විය හැකි බවට ඉඟි පළ කළ අසලංක, ලොව පුරා ඇති තණතීරුවල හැසිරීමට වඩාත් සමීපව ස්වදේශීය තණතීරු ගැලපීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.


ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ 2-0 ක ජය සම්බන්ධයෙන් අදහස් දැක් වූ නායක අසලංක, “මේ මතුපිට වෙනසක් තියෙනවා,දඟ පන්දු යවන්නන්ට උදව් කළත්, ඕස්ට්‍රේලියාවට එරෙහි පෙර තරඟාවලියේදී අපි දැක්කා පන්දුව දෝලනය වෙනවා කියලත්, වේග පන්දු යවන්නන්ට කඩුලු ලැබුණා. අසිත ප්‍රනාන්දු තරඟ දෙකකින් කඩුලු පහක් ගත්තා. මම හිතන්නේ මේ තණතීරුව වෙනදාට වඩා ටිකක් පිතිකරණයට හිතකර වේවි” යනුවෙන් පැවසුවා.
මේ අනුව වේගය සඳහා තිදෙනෙකුට ඉඩ ලැබුණොත්,මිලාන් ට අමතරව මේ වන විට කඩුලු අතර සිටින අසිත ප්‍රනාන්දු සහ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේදි මෙන්ම අයිපීඑල් තරගාවලියේද දක්ෂතා අතර සිටි ඒෂාන් මාලිංග ට වැඩි අවස්ථාවක් අද තරගයට ක්‍රීඩා කරන්නට ලැබෙනු ඇතැයි සිතිය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...