අපට 159ක් තියෙනවා, රන්වලට විශ්වාසභංග ගේන අය ඒක කල්පනා කරන්න ඕනෑ – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කථානායක අශෝක රන්වල මහතාට ඇතැයි කියූ ආචාර්ය උපාධිය පිළිබඳව උද්ගතව ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු විසින්ම කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත බැවින් ඉන්පසුව ඒ ගැන සලකා බැලීමට හැකි බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“කථානායකතුමා දැන් ඊට අදාළ ප්‍රකාශයක් කරන බව අපට ප්‍රකාශ කරලා තියෙනවා. ඒකත් එක්ක අපි බලමු මොකක්ද කියලා ඒක. මං හිතන්නෙ කථානායකතුමාම පැහැදිලි කිරීමක් කරනවා කිව්වනෙ, ඒකට අපි මේ වෙලාවේ උත්තර දෙන්න යන්න අවශ්‍ය නැහැ කියලා අපි හිතන්නෙ. විශ්වාසභංග ගෙනල්ලා අපට …. 159ක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට එහා පාර්ලිමේන්තු බලයක් අපට තියෙනවානෙ. ඉතින් විශ්වාසභංග ගේන කට්ටිය කල්පනා කරන්න ඕනෙ මොකටද ගේන්නෙ, ගෙනල්ලා මොකක්ද කරන්න පුළුවන්නෙ කියන කාරණය”

නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 12) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...