*
Tuesday, December 17, 2024
spot_img

Latest Posts

ක්‍රීඩා අමාත්‍යංශය ඔලිම්පික් කමිටුව හමුවීමෙන් ඉනික්බිති…

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 17 ,(LNW)කොළඹ :

ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබ ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැඳ වූ අවස්ථාවේ ගත් තීරණ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය ගත් තීරණ ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත යොමු කර ඇත.එම මාධ්‍ය නිවේදනය පහතින් අලවා තබන්නට පෙර අවධානය මඟ හැරුණු හෝ එහි අවධානය යොමු කර මාධ්‍ය නිවේදනයට ඇතුළත් නොකළා ද නොදන්නා කරුණු කිහිපයක් එම සිඳුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුව ඇත.


සාමාන්‍යයෙන් අපේ ආසන්න අත්දැකීම් සමඟ පවසන්නේනම් පසුගිය කාලයේ සිට ක්‍රීඩා අමාත්‍යවරුන්ට කරුණු කාරණා අවධාරණය කරමින් ක්‍රිකට්,පාපන්දු සහ රගර් තහනම් වෙමින් තිබෙන බවත්,ඒ සඳහා දේශපාලන බලපෑම් සිඳු නොකළ යුතු බවත්,එම බලපෑම්වල වෙනස් ඉවත් කර ගැනීමට මැදිහත්විය යුතු ආකාරයත් ලීවෙමු.
එහෙත් වගේ වගක් නොවිණ.අවසානයේ අප කී කරුණුම පදනම් කරගෙන එම ක්‍රීඩාවන් තුනම තහනම් විය.
ඉනික්බිතිව රගර් පරිපාලනයේ තාවකාලිකව ලැබුණ යතුර රැගෙන එහි සාදාකාලික උරුමක්කරුවා මෙන් හැසිරෙන්නට උත්සාහ දැරූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ක්‍රියා කළාපය ගැන අපි ලීවෙමු.ඔහුට පෞද්ගලිකව ද පෙන්වා දුන්නෙමු.අවසානයේ නීතිමය වශයෙන් සහ වත්මන් අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරයාගේ ද ආශිර්වාදය ඇතිව,අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට රගර් මැදිහත්වීම හකුළාගෙන එය පවතින ව්‍යවස්ථාව අනුව නිලවරණය පවත්වා,පත්වන පරිපාලනයට විසඳා ගන්නට දෙන්නට සිඳු විය.


මෙවැනි තීරණවල එම තීරණ ගන්නා අය එළැඹ සිටින්නේ සමහර විට එම තනතුරට පිටස්තර අයෙකු දක්වන අදහස්වලට අවනත වීම නුසුදුසු හෝ යම්කිසි ආකාරයක තමන්ගේ තත්ත්වය පහත හෙළිමක් සේ සමාජයට දැනෙනු ඇතැයි සිතා විය හැකිය.එහෙත් බලය විසින් ඇති කරන මානසික උත්තේජනයට පිට සිට බලන විට පෙනෙන පිංතූරයට වඩා දුර සිට බලන පිංතූරයට හසුවන කොණය විශාලය.එයට එම සිදුවීම මෙන්ම එහි අවට පළල් ඉඩ ද පැහැදිළිව පෙනෙන්නේය.අප කියන්නේ මෙහෙම කරන්න කියනවට වඩා එසේ නොකිරීමෙන් ඇති විය හැකි ප්‍රතිපල නිසා එම අවාසනාවන්ත ඉරණම ගැන අවධානය යොමු කිරිම වටින්නේය.


ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශය මේ මොහොතේ ජාතික ඔලිම්පික් කමිටුවේ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ සාකච්ඡාවකට එළැඹිය යුතුය.ඒ පවතින අභ්‍යන්තරික අර්බූදයේ පෙනෙන්නට තිබෙන පාර්ශවයක හවුල්කරුවෙකු ලෙස නොවේය.එම අර්බූදය විසඳන්නට මැදිහත්කරුවෙකු වීමට ස්වාධීනව මැදිහත් වන්නේ කෙසේද යන්න විමසා දැන ගැනීමටය.

මෙම අර්බුදය වසරක පමණ කාල සීමාවක සිට පැන නැගෙමින් එන කාරණයක් බවත් එය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර පරිපාලන අර්බුදයක් නිසා ඉතා ඉක්මනින් විසදා ගැනීම වෙනුවෙන් ක්‍රියා මාර්ග ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.
ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව,ආසියානු ඔලිම්පික් කමිටුව තීරණයකට එළැඹ ඇත්තේ එහි අභ්‍යන්තරික අර්බූදයට පදනම් වූ ආචාරධාර්මික කමිටුවේ නිගමන ක්‍රියාත්මක නොවන තැනය.ඒ සම්බන්ධයෙන් ආසියානු ඔලිම්පික් කමිටුවේ ආචාරධාර්මික කමිටුවේ සභාපති දෙබෙන්ද්‍රනාත් සාරංගි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව අතර ශ්‍රී ලංකාව ගැන සාකච්ඡා වන ආකාරය පහත අයුරෙන් දක්වා ඇත.


I find that no action has been taken yet by your Executive Board on the recommendations of the Ethics Committee of NOCSL regarding the unethical and unconstitutional conduct on the part of your Secretary General.
(ඔබගේ මහලේකම්වරයාගේ සදාචාර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී හැසිරීම සම්බන්ධයෙන් NOCSL හි ආචාර ධර්ම කමිටුවේ නිර්දේශ මත ඔබගේ විධායක මණ්ඩලය විසින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මට පෙනී යයි.)
මේ අනතුරු ඇඟවීම වඩාත් හොඳින් කියවා ගත යුතුය.බහුතරයක් විධායක සභාව ‘මීට වෙනස් අදහසක සිට ක්‍රියාමාර්ගයක් නොගෙන ‘ලේකම්වරයා සමඟ සිටින තනතුරුවලම හෝ වෙනත් තනතුරුවල කටයුතු කරන්නට නිලවරණයක් කැදවීම ස්වාධීනත්වය ලෙස සිතිය හැකිද? ක්‍රීඩා අමාත්‍යංශයට ඔළු ගෙඩි ගණන දෙස බලා පයක් පස්සට ගන්නට සිඳු විය හැකි නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව තීරණයකට එන්නේ ඔළු ගෙඩි ගැන නොවේය.
මීට ආසන්නම උදාහරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහා ගත හැකිය.පාර්ලිමේන්තුවම ක්‍රිකට් ආයතනයට විරුද්ධ තීරණයක සිටීම ඔවුන් අදාළ කර ගත්තේ නැත.ඔවුන් ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට පිටින් දේශපාලනික වශයෙන් කළ අත පෙවීමට විරුද්ධව අවශ්‍යය තීරණය ගනු ලැබීය.රට ඇතුළත ආණ්ඩුව නොමැතිව එම සංවිධානයේ හැඩය සිය ජාත්‍යන්තර සංවිධානය පිළිගන්නේනම් ඒ උපදෙස් ප්‍රකාරව වැඩ කිරීමට ද හැකියාවක් ඇත.


මේ තත්ත්වය රුසියාව,බෙලරුසියාව වැනි රටවල දැකිය හැකිය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියෝග සහ ප්‍රතිපත්තිමය එකඟතා සමඟ එම රජයන් පිළිනොගත්ත ද,අදාළ ඔලිම්පික් සංගම් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අවස්ථා දීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ කටයුතු කරයි.


දැන් ඇති වී තිබෙන තත්ත්වය වෙනස්ය.චෝදනාලාභීන් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ය.විශේෂයෙන් ලේකම්වරයා ය.ආචාරධාර්මික කමිටුවේ තීරණවලට අදාළව ඔහු ගැන තීරණයක් ගැනීම පසෙකට කර වැඩ කිරීමෙන් අත්වන ප්‍රතිපලය මෙරට ලේකම්වරයාට විශාල ඔළු ගණනක් ඇත යන තර්කයෙන් භාර ගැනීමට ජාත්‍යන්තරය සූදානම් නැත.


මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශය ස්වාධීන විය යුත්තේ රටේ ක්‍රීඩාව භාර ආයතනය හැටියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ සාකච්ඡා කර,නිලවරණයකින් මේ ප්‍රශ්නය විසදෙයිද,එසේත් නැතිනම් ආචාරධාර්මික කමිටුවේ චෝදනා සහ නිගමනවලට අනුව ලේකම්වරයා ගැන එම වාර්තාවෙන් යෝජිත ක්‍රියාමාර්ග නොගෙන,නිලවරණයෙන් එම පුද්ගලයා සහ තවත් චෝදනා ඇති අයම බලයට පැමිණියහොත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එම තත්ත්වය පිළිගන්නේද?


ගැටළුව ඇත්තේ එතැනය.සාරංගි පවසන ක්‍රියාමාර්ගය කවරේද යන්න පිළිබඳව විමසා,එ් අනුව කටයුතු කිරීමෙන් මෙපිට,වැඩි ඔළු ගෙඩි ගණනකට ඉඩ දීම විසඳුම නොවනු ඇත.අප සමාජයේ අසා ඇති කතාවකට අනුව බල්ලා මියයාම පිළිබඳව කම්පාවට සහ කළබලයට පත්වන්නේ බල්ලාටත් වඩා ඔහුගේ ලේ උරා බී වැඩෙන මැක්කෝය.එවැනි කතා ගැන ද සිතා බැලීම වටින්නේය.
රටේ ඔලිම්පික් කමිටුව තහනම් කළ විට ආණ්ඩුවලට වඩා ජාත්‍යන්තර වශයෙන් පාඩුය.බොහෝ විට එවැනි තත්ත්වයක ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ මුල සිට වැඩ කරන්නට අමාත්‍යංශයට සිඳුවනු ඇත.එය පහසු නැති වැඩකි.ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා මැදිහත්ව මේ සිඳුවීම සම්බන්ධයෙන්,ආචාරධාර්මික වාර්තාව පරික්ෂා කර,එම කරුණුවලට අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ රටේ ක්‍රීඩා පණත,ඔලිම්පික් සංගමයේ නිලධාරීන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා,ඒ සදහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව බලාපොරොත්තු වෙන දේ ආදි කරුණු ඔස්සේ සාකච්ඡා කර,ඔවුන් බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග ඔලිම්පික් කමිටුව නොගන්නේනම්,ක්‍රීඩා පණත සහ රටේ නීතිමය වෙනත් කරුණුද සමඟ ක්‍රීඩා අමාත්‍යංශයට ඔවුන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීමට මැදිහත් විය හැකි ද,එසේනම් ඒ කෙසේද යන්න පිළිබදව විමසා බැලිය යුතුව ඇත.ඒ සාකච්ඡාවට පරිපාලන,නීතිමය ආදී කරුණු පිළිබඳ වෘත්තීය අවබෝධයක් ඇති අය සමඟ මේ සියලු සසලවීම්වලට පාදක ආචාරධාර්මික කමිටු වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කළ යුුතු වන්නේය.අලියා බැද තිබියදී හෙන්ඩුවෙන් අනින්නට බලය යොදා ගැනීම සහ අලියා කුලප්පුව සිටියදී හෙණ්ඩුව යොදා ගැනීම යන්න කාරණා දෙකක් බව ක්‍රීඩා අමාත්‍යංශය අවබෝධ කර ගත යුතුව ඇත.

මේ කාරණාවන් නොපෙනෙන ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනය පහත දක්වා ඇත.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මේ මොහොතේ ගනු ලැබ ඇති තීරණයට ජාතික ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර අර්බුදය බලපා ඇති බවත්, විශේෂයෙන්ම මෙම අර්බුදය නිසා ක්‍රීඩාව ක්‍රීඩාවක් ලෙස නිදහසේ කරගෙන යෑමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව නොලැබීම තව දුරටත් සිදු නොවිය යුතු බවත්, සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහසේ ක්‍රීඩාව කරගෙන යෑමට ඉඩකඩ සැලසිය යුතු බවත් අමාත්‍යවරයා ඔවුන් හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.

මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුව තුළ ඇතිව තිබෙන අභ්‍යන්තර අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව වෙත තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි අතර, මින් ඉදිරියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුකුලව කටයුතු කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව වෙත අවධාරණය කර සිටියේ ය.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අරුණ බණ්ඩාර ඇතුලු නිලධාරීන් එක් වූ අතර ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සභාපති, ලේකම් ඇතුලු විධායක කමිටුවේ සාමාජිකයින් ද සහභාගී වූහ.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan