ඩලස් අගමැතිකමට මුට්ටිය දායි – ජනපතිට දීර්ඝ ලිපියක්

Date:

ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින්, ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අ‍දෝනාවන්ට සංවේදී වෙමින් වහා සිදුකළ යුත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදැරිකරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝග එක්සත්ව ජයගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

ඉතිහාසයේ වැඩිම තරුණ නියෝජනයක් සහිත අභියෝගයන් ලුහුබැඳිය හැකි කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය පැසසිය යුතු නමුදු එයද පමා වූ විසඳුම් ගොන්නට එකතු වී හමාර බවයි අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්ව නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීමේ තීරණයට එළඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවරභාවය වසර ගණනාවකින් විනාශ කර දැමීම බවත් ඒ මහතා සිය ලිපියෙහි දක්වා ඇත.

ආණ්ඩුවෙන් ඉවත්ව දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන විමල් – ගම්මන්පිල – වාසු ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව වී ඇත්තේ ඩලස් අලහප්පෙරුම මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට ය. ඒ අනුව අලහප්පෙරුම මහතා මෙම ලිපියත් සමග සිය “අග්‍රාමාත්‍ය ධුර සඳහා ගමන” ආරම්භ කර ඇති බවක් පෙනේ.

No photo description available.
No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...