” මේ රට යළි කිසිදු දිනක අනාගතයේදී 2022-23 වගේ තත්ත්වයක් යළි ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ” – ජනපති

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ (LNW):

“2028 වන විට අපට ණය ගෙවීමට  සිදුවන බවත්, ඒ නිසා නැවත බංකොල්ලොත් වන බවත් මතයක් තිබෙනවා. මතක තබා ගන්න. 2028 දී තිබෙන්නේ අපේ ආණ්ඩුව.ඒ වගේම මේ රට යළි කිසිදු දිනක අනාගතයේදී 2022-23 වගේ තත්ත්වයක් යළි ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ” – ජනපති

ඉන්දීය නිල සංචාරයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) දින පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි අතර, ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් ,ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් එකඟතාවයන්වල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළේය.

තවද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී, උපයන විට බදු සීමාව මසකට ,රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව සඳහන් කළ අතර, නැවත ලංකාව කිසි දිනක බංකොළොත් භාවයට පත්වීමට ඉඩ නොතබන බව වැඩිදුරටත් සඳහන් කළේය.

2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ත් 2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...