නැවත පණ ගැන්වෙන “සළුසල”

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ (LNW):

දිනුක් ඈෂ්ලි විජේසිංහ මහතා ,කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සළුසල ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර, දිගු කාලයක් පුරා අකර්මණ්‍ය තත්ත්වයේ පවතින ලංකා සළුසල නව රජයේ ප්‍රතිපත්ති අනුව යමින් ක්‍රමවත් සැලැස්මක් යටතේ එහි ක්‍රියාකාරීත්වය නැවත පණ ගැන්වීම අරමුණු කරගනිමින් මෙම පත්වීම සිදු කර ඇති බව සඳහන් වේ.

නව සභාපතිවරයා ලෙස පත්වූ දිනුක් ඈෂ්ලි විජේසිංහ මහතා සඳහන් කළේ, කඩිනමින් නව ව්‍යාපාරික සැළසුමක් යටතේ, අලෙවි ප්‍රවර්ධනය ඇතුළු ආයතනයේ අනෙකුත් කටයුතු ආරම්භ කරන බවයි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, පුද්ගලික අංශයේ වසර 20ක අත්දැකීම් ඇති ඔහු ප්‍රමුඛ පෙලේ ආයතන කිහිපයකම පරිපාලනය, කළමනාකරණය, මූල්‍ය පාලනය, අලෙවිකරණය, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර රැසකම පළපුරුද්දක් සහිත විධායක ශ්‍රේණියේ නිළධාරියෙක් ලෙස කටයුතු කර ඇති අතර, එංගලන්තයේ ‘The Manchester Metropolitan’ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව ගෞරව උපාධිධාරියෙකු වන දිනුක් ඈෂ්ලි විජේසිංහ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් ද වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...

පින්නවල අලි අනාථාගාරයේදී ජාත්‍යන්තර අලි දිනය සැමරේ

සටහන - රුවන් නෙළුගොල්ල අගෝස්තු 12 වන දිනට යෙදී ඇති...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...