නත්තලට පෙර තම සෞඛ්‍ය පළමු කොට තැකීමට වෛද්‍යවරුන්ගෙන් උපදෙස්!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නත්තලට පෙර ඔබේ Covid-19 සහ උණ ආශ්‍රිතව ලබා දෙන එන්නත් ලබා ගැනීමට තවමත් කාලය තිබෙන අතර, එබැවින් මෙම උත්සව සමයේ ඔබ සහ ඔබ අවට සිටින අය ආරක්ෂා කර ගැනීමට අවස්ථාව ලබා ගැනීමට වග බලා ගන්නා මෙන් විදෙස් සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ.

උතුරු අයර්ලන්තයේ මෑත සතිවල වෛරස් හේතුවෙන් රෝහල් ගත කිරීම් වැඩි වී ඇති බව වෛද්‍ය ප්‍රධානීන් අනතුරු අඟවා තිබේ.
උණ රෝගීන්ගේ මෑත කාලීන වර්ධනයක් පෙන්නුම් කරන බවත්, නත්තලට පෙර ඒ පිළිබඳ වඟබලා ගෙන ආරක්ෂා වන ලෙසත් එම වෛද්‍ය ප්‍රධානීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

එළැඹුණ ශීත ඍතුවන්හි රෝගවල වැඩිවීමක් සමඟ පසුගිය සතිය තුළ ලියාපදිංචි වූ උණ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වී තිබේ.
එය නොරො වෛරසය සහ RSV වෛරසය සමඟ උණ සහ Covid මට්ටම් ඉහළ යාමත් සමඟ අත්විඳි ඉරණමකි.

මෙම හේතුවෙන්, මාස 6 සිට අවුරුදු 65 දක්වා වයස්වල සිටින සායනික අවදානම් සහිත කණ්ඩායම්වල සියලුම අයවලුන්ට මෙන්ම වයස අවුරුදු 65 සහ ඊට වැඩි අයට ද ඔවුන්ගේ Covid සහ උණ එන්නත් ලබා ගැනීමට උපදෙස් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...