ඉතියෝපියාවෙත් සතියට එක දවසයි ගෑස් දෙන්නේ, දවස් දෙකයි පෙට්‍රල් දෙන්නේ – බන්දුල (VIDEO)

Date:

ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මේ වනවිට ආර්ථික අර්බුදවලට සහ භාණ්ඩ හිඟයකට මුහුණ පා සිටින බවත් ඊට හේතුව කොවිඩ් වසංගතය සහ යුක්‍රේන – රුසියා යුද්ධය බවත් හිටපු වෙළඳ අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“1930න් පස්සේ ලෝකයේ ඇතිවෙලා තියෙන දැවැන්තම ආර්ථික අර්බුදයට මේ වෙනකොට ලෝකයේ රටවල් මුහුණ දෙනවා කොවිඩ් 19 වසංගතය කරණකොටගෙන. ලෝකයේ ප්‍රබලම රාජ්‍යය වන ඇමරිකා එක්සත් ජනපදයේ 2008න් පස්සේ වැඩිම උද්ධමන අනුපාතය වාර්තා කරන්නේ මේ අවස්ථාවේ. ලෝකයේ අනෙකුත් රටවලත් ඉතා විශාල ලෙස – නූල කැඩුණු සරුංගලයක් වගේ – භාණ්ඩ මිල ඉහළ යනවා. විශේෂයෙන් මෑතකදී ඇතිවෙච්ච යුක්‍රේන් – රුසියා අර්බුදයත් සමග මුළු ලෝකය පුරාම දැවැන්ත භාණ්ඩ හිඟයක් ඇතිවෙනවා”

“ඉතියෝපියාව ගත්තොත් ඉතියෝපියාව මෑතක සිට වේගයෙන් සංවර්ධනය වෙන රටක්. සතියකට එක දවසයි ගෑස් දෙන්නෙ. සතියකට දවස් දෙකයි පෙට්‍රල් දෙන්නෙ”

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමිනි.

ඒ මහතා මේ බව පවසන්නේ ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සැපයුම සම්පූර්ණයෙන්ම පාහේ නතරවී ඇති පසුබිමක් තුළය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...