සටහන – රුවන් නෙළුගොල්ල
සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබුණු කාලය අදින් (දෙසැම්බර් 20) අවසන් වීමට නියමිතව තිබේ.
දෙසැම්බර් 04 වනදා සිට රජය එම අවසරය ලබාදී තිබිණි.
කෙසේවෙතත් සහල් වෙළඳුන් සහ පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ තවමත් ප්‍රමාණවත් සහල් තොග වෙළඳපොලට ලැබී නොමැති බවයි.
ඒ අනුව සහල් ආනයනය කිරීම සඳහා ලබාදී ඇති කාල සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් නව දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.
ප්රශ්නය – පුද්ගලික අංශයට සහල් ආනයනයට පැනවූ සීමාව දීර්ඝ කරලා තියෙනවාද ?
“මෙට්‍රික් ටොන් 22,000ක් සහල් ආනයනය කරලා තියෙනවා. තවත් 10,000ක් අද ලැබේවි කියලා විශ්වාස කරනවා. මේ සහල් බෙදාහැරීම දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඉදිරියේදී මතුවන අවශ්‍යතාවය සලකලා බලලා ඒ ආනයනය සඳහා වන දින වකවානු වෙනස් කරන්නට රජය සූදානම්, වෙළඳපොල අවශ්‍යතාවය අනුව”
ප්රශ්නය – ආනයනය කරන ඒවා දෙන්නේ කීයටද ? 230 ටද, 240 ටද ?
“පාලන මිල එලෙසම පවතිනවා. ඒකට අදාළ බද්දේ කිසි සංශෝධනයක් කරලා නෑ”