පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන කාලය ගැන ජනපති මහනුවරදී කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන මැතිවරණය සඳහා 2023 වසරේ කැඳවූ නාමයෝජනා අවලංගු කිරීමට අදාළ පනත මේ වනවිට සකස් කර ඇති බවත් එය 2025 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“පළාත් පාලන මැතිවරණය 2023 අවුරුද්දේ මාර්තු මාසයේ පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳෙව්වා. නමුත් ඒ වෙලාවේ හිටපු පක්ෂත් අද නෑ සමහර ඒවා. පක්ෂ එකතුවෙලා සන්ධාන හැදුවා, දැන් ඒ සන්ධාන කැඩිලා. ඒ නිසා අපි හිතනවා ඒ නාමයෝජනා කැන්සල් කරලා අලුත් නාමයෝජනා කැඳවිය යුතුයි කියලා. ඒ අනුව අපි පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන නාමයෝජනා කැන්සල් කිරීමට අවශ්‍ය පනත සකස් කරලා තියෙන්නේ. ඒක අපි ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ නැවත නාමයෝජනා කැඳවලා අපි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවුරුද්දට කලින් කටයුතු සුදානම් කරනවා. පළාත් සභා මැතිවරණය ගැටලු ගණනාවක හිරවෙලා තිබෙන්නෙ. ඒ නිසා ලබන වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන්න කටයුතු කරනවා. මොකද මෙම ආයතන පද්ධතිය අවශ්‍යයයි ගමට, ඒ ප්‍රදේශවලට දේශපාලන නායකත්වය දීම සඳහා. ඒ නිසා ඒ ආයතන පද්ධතියෙන් දේශපාලන අධිකාරියේ ආයතන පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා මෙම මැතිවරණ පැවැත්විය යුතුයි”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 20) මහනුවරදී මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...