සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුරෝපා සංගමය එක්සත් ජනපදයෙන් වැඩි වැඩියෙන් තෙල් හා ගෑස් මිලදී නොගන්නේ නම් ඔවුන්ට එරෙහිව තීරුබදු ඉහල නංවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමජ මාධ්‍ය වේදිකාවේ සටහනක් යොදමින් සඳහන් කර තිබුණේ, “අපගේ තෙල් හා ගෑස් මහා පරිමාණයෙන් මිලදී ගැනීමෙන් ඔවුන් එක්සත් ජනපදය සමඟ ඇති දැවැන්ත හිඟය පියවා ගත යුතු බවත්, එසේ නොවන්නේ නම් සෑම ආකාරයකින්ම තීරු බදු ඉහල නංවන බවත්ය.”
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ නියෝජිතයකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, බලශක්ති ක්ෂේත්රයේ අපගේ පොදු අවශ්‍යතා සම්බන්ධයෙන් ජාතීන් 27 ක කණ්ඩායම ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ජා කිරීමට සුදානම් බවයි. එක්සත් ජනපද සංඛ්‍යාලේඛනවලට අනුව, 2022 දී යුරෝපා සංගමයෙන් භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 553.3 ක් වූ අතර සමූහයට එහි අපනයනය ඩොලර් බිලියන 350.8 කි.එය එම වසරේ EU සමඟ එක්සත් ජනපද භාණ්ඩ වෙලඳ හිඟය ඩොලර් බිලියන 202.5 ක් වේ.
ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ 47වන ජනාධිපතිවරයා වශයෙන් එළඹෙන ජනවාරි 20 වෙනිදා බලයට පත්වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටනයේ සමහර ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්වන කැනඩාව, මෙක්සිකෝව, චීනය ආදීන්ට දැඩි තීරුබදු පැනවීමට දැනටමත් තර්ජනය කර ඇත.