ණය ලබාගැනීමේ සහ ගිවිසුම් අත්සන් කිරීමේ බලය භාණ්ඩාගාර ලේකම්ට පවරමින් ගැසට්ටුවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් ණය ගැනීමේ සහ සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය භාණ්ඩාගාරයේ ලේකම්වරයාට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 32 වැනි වගන්තිය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා රජය විසින් ලබාගන්නා විදේශ ණය සම්බන්ධ ගිවිසුම්, රාජ්‍ය සංස්ථාවකට හෝ පොදු ව්‍යවසායකට විදේශ ණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය විසින් ලබාදෙන ඇපකර සහ ශ්‍රී ලංකා රජය විසින් එළඹිය යුතු එවැනි ගිවිසුමක් හෝ ඇපකරයක් සඳහා අවශ්‍ය ඕනෑම කොන්ත්‍රාතුවක්, බැඳුම්කරයක්, පොරොන්දු පත්‍රයක් හෝ වෙනත් ලේඛනයක් සඳහා අත්සන් තැබීමේ බලය ද ජනාධිපතිවරයා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...