රුසියන් පොහොරවල ප්‍රශ්නයක් නැහැ.කෘෂිකර්ම අමාත්‍යාංශය තහවුරු කරයි!

Date:

කොළඹ LNW:ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණු බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ්වල (MOඵ්) ප්‍රමිතියෙහි කිසිදු වෙනසක් සිදුව නැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදිත මෙම බණ්ඩි පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් සහිත නෞකාව පසුගිය12 වැනිදා කොළඹ වරායට පැමිණියේය.

ඉන් පොහොර මෙට්‍රික්ටොන් 50,000ක් වී ගොවිතැන සඳහා ද ඉතිරි මෙට්‍රික්ටොන් 5000 බඩඉරිඟු වගාව සඳහා ද ලබාදීමට නියමිතයි.

මෙම පොහොරවල පැහැය සම්බන්ධයෙන් ගොවීන් සහ ගොවි සංවිධානවල පැවැති විවිධ මත හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පොහොර සංයුතියේ විශ්ලේෂණ වාර්තාව සහ පරීක්ෂා කර තිබෙන අතර අනෙකුත් ප්‍රමිතීන් අනුව පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බව අනාවරණය වී තිබේ.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ එම පොහොරවල වර්ණය පොහොර තැන්පතුවේ පවතින ඛනිජ ලවණ මත තීරණය වන බවයි. යකඩ ඔක්සයිඩ් පවතිනවිට මෙහි වර්ණය රතු පැහැයක් ගන්නා අතර එසේ නොවන අවස්ථාවලදී සුදු පැහැයක් ගන්නා බවත් ඒ අනුව පොහොරවල ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර එකම පොටෑසියම් ප්‍රමාණයක් සපයන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධව පාංශු විද්‍යාව පිළිබඳ විද්‍යාඥ රේණුකා සිල්වා මහත්මිය විසින් ලබාදී ඇති වාර්තාව අනුව මෙය තහවුරු කර ඇති බැවින් අනියත බියකින් තොරව පොහොර භාවිතා කළ හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...