අධ්‍යාපන සුදුසකම් ගැන හොයන එක පැත්තක තියල ආර්ථික අර්බුදයට උත්තර හොයන්න – තිස්ස අත්තනායක

Date:

කොළඹ LNW: එකිනෙකාට ඇගිල්ල දිගුකරගනිමින් බැනවදිමින් හැසිරීම වෙනුවට මහජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සුදුසු වේදිකාවක් බවට පාර්ලිමේන්තුව පත්කරගත යුතු බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

වේගවත්ව විසඳාගත යුතු ආර්ථික අර්බුදයක්, මූල්‍ය අර්බුදයක්,ආහාර හිඟයක් පවතින තත්ත්වයක පාර්ලිමේන්තුව තුළ අධ්‍යපන සුදුසුකම් ඉදිරියට ගෙන අපහාසවන අයුරින් පාර්ලිමේන්තුව තුළ හැසිරීම පිළිගත නොහැකි බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”ආර්ථික අර්බුදයක් වේගවත්ව විසඳගන්න තිබෙනවා. මූල්‍ය අර්බුදයක් තිබෙනවා විසඳගන්න. රටේ ආහාර හිඟයක් ඇතිවෙලා තිබෙනවා. හාල්, පොල්, ලුණු වගේ ආහාරවල හිඟයක් පවතිනවා. මේවා විසඳගන්නේ කොහොමද කියල නේද සාකච්ජා කළ යුතුව තිබෙන්නේ. අඩුපසුකම් තිබෙන නීති සකස් කරගන්න. ඒකට තමයි පාර්ලිමේන්තුව ක්‍රියාකරන්න ඕනේ. ජන්දය දුන්න නොදුන්න ජනතාවගේ මූලික අවශ්‍යතා විසඳීම වෙනුවෙන් පාර්ලිමේන්තුව කියන වේදිකාව යොදාගැනීම,හොඳ ප්‍රතිපත්ති නිර්මාණය කරන එක ඒ වගේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන එක කරන්න ඕනේ. .ඒවා සමාලෝචනය කිරීම. මුළු පාර්ලිමේන්තුව එවැනි ස්ථාවරයකට එනවා මිසක් එකිනෙකාට ඇගිල්ල දිගුකරගනිමින්, බැනවදිමින් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන අසමින් අපහස කිරීම නෙවෙයි. පහුගිය සතියම පාර්ලිමේන්තුව හැසිරුණේ එකිනෙකාට ඇගිල්ල දිගුකරගනිමින් බැනවදිමින්. පාර්ලිමේන්තුව මහජන මුදලින් නඩත්තු වෙන ආයතනයක්. ඒ නිසා මහජන නියෝජිතයින් දැන්වත් මේ ගැන හිතන්න ඕනේ.” යනුවෙන් අත්තනායක මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...