රාජ්‍ය නිලධාරීන් හදිසියේ මාරු කිරීම ගැන ආණ්ඩුවට සජබෙන් චෝදනාවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය පවසයි.

පළාත් පාලන මැතිවරණය නුදුරේදීම පැවැත්වීමට තිබියදී සහ සමූපාකාර ඡන්ද විමසීම් මේ දිනවලත් පැවැත්වෙමින් තිබියදී පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ සීග්‍ර ලෙස දේශපාලනිකරණය වීමක් සිදුවෙමින් පැවතීම, ඉදිරි මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම දක්නට ලැබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ.

මේ පිළිබඳව සමගි ජන බලවේගය අවධානය යොමුව ඇති අතර එවැනි සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටද කටයුතු කරන බවත් ඒ සඳහා නාමික හෝ නිර්රාමිකව තොරතුරු ලබාදීමට ඕනෑම අයකුට අවස්ථාව සලසන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතික සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් අත්හිටුවන ලෙස අවධාරණයට කරමින් සමගි ජන බලවේගය නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...